29 C
Colombo
Wednesday, April 9, 2025

ශ්‍රී ලංකාව තවත් ශ්‍රේණිගත කිරීමකින් පහළට

- Advertisement -

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (S&P) ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ්‍රී ලංකාව සඳහා දිගුකාලීන ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීමේ අගය CCC+ සිට CCC දක්වා පහත දමා තිබෙනවා.

බාහිර ණය සේවාකරණය සම්බන්ධයෙන් ඇති අවදානම සලකාබලා එම ආයතනය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි සදහන් වන්නේ.

මෙම ණය ශ්‍රේණිගත කිරීම පහළ හෙළීම හරහා ශ්‍රී ලංකාවේ ඉදිරි විදේශ ණය ගෙවීම් සහ සංචිත මට්ටම පීඩනයකට ලක්ව ඇති බව S&P ආයතනය සඳහන් කරනවා.

කෙසේවෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ලබන ජනවාරි 18 වන දින කල්පිරෙන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරය පියවීම සඳහා අවශ්‍ය මුදල වෙන්කර තිබියදීත්, මෙලෙස ණය ශ්‍රේණිගත කිරීම්වල පහළ අගයකට ගෙන ඒමට ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය කටයුතු කිරීම සාධාරණ නොවන බවයි.

මහබැංකු අධිපතිවරයා පවසන්නේ මෙම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයන් හට සැඟවුණු න්‍යාය පත්‍ර පැවතිය හැකි බවයි.

RECENT ARTICLES - SINHALA

වැඩබලන පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්

ශ්‍රී ලංකා පොලීසිය සහ මහජන සම්බන්ධතා ශක්තිමත් කිරීමට නව මුහුණුවරකින් මහජන ආරක්ෂක කමිටු පිහිටුවීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් චක්‍රලේඛයක් මඟින් සියළුම...

කුරුණෑගල ඉන්ධන පිරවුම්හලේ පිපිරීම ගැන විමර්ශන

කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සිදු වූ පිපිරීමට හේතුව සොයා විමර්ශන සිදුකර තිබෙනවා. එහි ගෑස් ගබඩාකිරීම හා නිකුත් කිරීම නීත්‍යානුකූල අයුරින් සිදුවූවක් ද යන්න පිළිබඳයි...

හික්කඩුවේ වෙඩිතැබීමට සැකකරුවෙක් අත්අඩංගුවට

හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේදී අඹුසැමි යුවළකට වෙඩිතබා එහි පිරිමි පුද්ගලයා ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශනවලට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පවසන්නේ, පසුගිය 03 වනදා රාත්‍රියේ මාර්ගය අසල...

POPULAR ARTICLES

වැඩබලන පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්

ශ්‍රී ලංකා පොලීසිය සහ මහජන සම්බන්ධතා ශක්තිමත් කිරීමට නව මුහුණුවරකින් මහජන ආරක්ෂක කමිටු පිහිටුවීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් චක්‍රලේඛයක් මඟින් සියළුම...

ඇමෙරිකන් බිස්නස් රකිනවා – චීනයෙන් පොරොන්දුවක්

ඇමරිකානු ව්‍යවසායන් ඇතුළු චීනයේ විදේශ ආයෝජන ව්‍යවසායන්හි නිත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කරන බව චීනය අවධාරණය කර තිබෙනවා. චීන වාණිජ උප ඇමති සහ ජාත්‍යන්තර වෙළඳ සාකච්ඡා සඳහා...