30 C
Colombo
Wednesday, April 30, 2025

ශ්‍රී ලංකාව තේරී පත් වූ නව කොමිසම

- Advertisement -

එක්සත් ජාතීන්ගේ කාන්තා තත්ත්වය පිළිබඳ කොමිසමට ශ්‍රී ලංකාව තේරී පත් වී තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරන්නේ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයේ සාමාජිකයින් විසින් 2024 සිට 2028 දක්වා සිව් අවුරුදු ධුර කාලයක් සඳහා ශ්‍රී ලංකාව එම කොමිසමට තෝරාගෙන ඇති බවයි.

කාන්තාවන්ගේ අයිතීන් ප්‍රවර්ධනය කිරීමේ සහ ආරක්ෂා කිරීමේ දිගුකාලීන සම්ප්‍රදාය, ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ වෙනස්කම් කිරීම් තුරන් කිරීම සඳහා වන කැපවීම පිළිබඳ අවධානය යොමු කරමින් ශ්‍රි ලංකාව ඒ සදහා තෝරාගෙන ඇති බව සඳහන්.

මෙවර එක්සත් ජාතීන්ගේ කාන්තා තත්ත්වය පිළිබඳ කොමිසමට තේරී පත් වූ සෙසු රටවල් වන්නේ බංග්ලාදේශය, බෙල්ජියම, බොලීවියාව, කොලොම්බියාව, රුමේනියාව සහ නෙදර්ලන්තය යි.

1946 දී පිහිටුවන ලද රටවල් 45 ක සාමාජිකත්වයෙන් යුත් මෙම කොමිසම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා පමණක් කැප වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන අන්තර් රාජ්‍ය ආයතනය වන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

කොටුව – මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලි පැනලා

කොළඹ - කොටුව සහ මරදාන අතර දුම්රියක් පීලි පැනීමක් සිදුව තිබෙනවා. එබැවින් කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන දෙකෙන්ම ආරම්භ වන සියලුම දුම්රිය ප්‍රමාද වනු ඇති...

මැයි දිනයට මත්පැන්හල් වැසෙන දිනය ගැන දැනුම්දීමක්

මැයි දිනය වෙනුවෙන් දිවයිනේ මත්පැන් හල් වසාතැබීම ගැන සුරාබදු දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් අද (30) නිකුත් කළා. එම නිවේදනයට අනුව ලෝක කම්කරු දිනය වෙනුවෙන් හෙට (1)...

රොක් පොස්පේට් රටයවා කෝටි 2700ක් පාඩු කරලා: සැකකරුවෙක් අත්අඩංගුවට

රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 3,000ක් අපනයනය සඳහා අලෙවි කරමින් රජයට මිලියන 2,700ක පාඩුවක් කළ බව කියන සිද්ධියට එම ව්‍යාපෘතිය සමඟ සම්බන්ධව සිටි උපදේශකවරයෙකු අත්අඩංගුවට...

POPULAR ARTICLES