28 C
Colombo
Thursday, May 1, 2025

අර්බුදයෙන් ගොඩඑන හැටි අහන්න බැසිල් හා IMF ප්‍රධානියෙකු අතර හමුවක්

- Advertisement -

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ චැන්ග්යොන්ග් රී ම්‍හතා අතර අද (14) සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන්නේ මෙම සාකච්ඡාව සඳහා මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්.ආර් ආටිගල මහතා සහ
මුදල් අමත්‍යංශයේ නිලධාරීන් දෙදෙනෙකු සහභාගීවී ඇති බවයි.

වේගයෙන් පහත වැටෙන මෙරට සංචිත ප්‍රමාණය, මුදලේ අගය පහතවැටීම සහ ඉහළ යන උද්ධමනය පිළිබදව මෙම හමුවේදී සාකච්ඡා පවත්වා තිබෙනවා.

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලත් සමඟ මෙරට ඩොලර් සංචිත ඉහළ නැංවීමට සහ සංචිත වර්ධනය කරගැනීම තිරසාර මාවතකට ගෙන යා හැකි වැඩසටහනක් පිළිබඳව සාකච්ඡා ඇරඹීම එළැඹෙන අප්‍රේල් මාසයේ පටන් කටයුතු කිරීමට මෙරට රජය බලාපොරොත්තු වන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.

එමෙන්ම අද පැවති සාකච්ඡාවේදී පසුගිය පෙබරවාරි මසදී ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කරන ලද මෙරට ආර්ථික තත්ත්වය පිළිබදව සිදුකරන ලද තක්සේරුව සම්බන්ධයෙන්ද අවධානය යොමුකර තිබෙනවා.

චැන්ග්යොන්ග් රී ම්‍හතා හෙට (15) දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද හමුවීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

බස් ගාස්තු සංශෝධනයක් නැහැ – ගැමුණු

ඩිසල් ලීටරයක මිල රුපියල් 12 කින් අඩු වුවද එය බස් ගාස්තු අඩු කිරීමට ප්‍රමාණවත් නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න...

අදත් දුම්රියක් පීලි පැනලා

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා පැමිණි පුලතිසි නගරාන්තර ශීඝ්‍රගාමි දුම්රිය මෙලෙස පීලී...

ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් – ඝාතකයා පලා ගිහින්

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසනවා. එලෙස මියගොස් ඇත්තේ, වයස...

POPULAR ARTICLES