ශ්‍රී ලංකාවට විදෙස් ණය ගෙවීමට ඇති හැකියාව සලකා බලා ෆිච් රේටින් ආයතනය ඒ සම්බන්ධයෙන් වූ ශ්‍රේණිගත කිරීම ‘CCC’ සිට ‘CC’ දක්වා පහළ දැමීමට කටයුතු කර තිබෙනවා.
මීට පෙර මූඩිස් ආයෝජන සේවය විසින්ද ශ්‍රී ලංකාවේ ස්වෛරී ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම Caa1 සිට Caa2 දක්වා පහත හෙළනු ලැබූවා.
එලෙස පහත හෙළමින් මුඩීස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය පවසා සිටියේ ශ්‍රී ලංකාවට තම ස්වෛරීත්ව බැඳුම්කර හෙවත් ඇමරිකානු ඩොලර්වලින් නිකුත් කළ බැඳුම්කර හරහා ලබාගෙන ඇති ණය ආපසු පියවීමේ හැකියාව තවදුරටත් අඩුවී ඇති බවයි.