2024 පැරිස් ඔලිම්පික් සමාරම්භක උළෙලේ හොඳම සංස්කෘතික ඇඳුම් 11ක් නම් කර තිබෙනවා.
2024 පැරිස් ඔලිම්පික් සමාරම්භක උළෙලට එක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇඳ සිටි නිල ඇඳුම් වලින් වඩාත්ම ආකර්ශනීය නිල ඇඳුම් අතර, තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.
ජනප්‍රිය අමෙරිකානු ක්‍රීඩා සඟරාවක් විසින් මෙම තෝරා ගැනීම සිදු කර ඇති අතර, එහි පළමු ස්ථානය හිමිව ඇත්තේ මොංගෝලියානු ඔලිම්පික් කණ්ඩායම පැළඳ සිටි නිල ඇඳුමටයි.
මේ අතර, මැදිදුර ධාවන ශූරි තරුෂි කරුණාරත්න, ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ මීටර 800 ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයට අද (02) එක්වනවා.
එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 11.15ට ආරම්භ වීමට නියමිතයි.