2021 අයවැය මඟින් මුදල් විශුද්ධිකරණය නිල වශයෙන් පිළිගෙන තිබෙන බවත්, විදේශයන්හි සඟවා ඇති මුදල් කිසිදු ගැටලුවකින් තොරව දේශීය ආයෝජනයන් සදහා අයවැය කතාවේදී මහින්ද රාජපක්ෂ මහතා ව්‍යාපාරිකයන්ට ආරාධනා කිරීම තුළින් එම කාරණය පැහැදිලි වන බවත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් කියා ඇත.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සම්බන්ධයෙන් ගෝලීය ප්‍රතිපත්ති සම්පාදකයා වශයෙන් ක්‍රියා කරන මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් ‘අළු ලේඛනය’ ලෙස හඳුන්වනු ලබන මූල්‍ය කාර්ය සාධක බලකායේ අනුකූලතා ලේඛනයෙන් ශ්‍රී ලංකාව 2019 ඔක්තෝම්බර් මස ඉවත් කරන ලද්දේ මුදල් අමාත්‍යාංශය සිදු කරන ලද වසර ගණනාවක උත්සාහයක ප්‍රතිඑලයක් ලෙස බව පවසන මංගල සමරවීර, ”දැන් අප නැවතත් එම ‘අළු ලේඛනයට’ ඇතුළත් විය යුතුද ? යැයි ප්‍රශ්න කර ඇත.