ශ්‍රී ලංකාව සහ චීන එක්සිම් බැංකුව අතර ද්විපාර්ශ්වික ණය ප්‍රතිකර්ම ගිවිසුම අද (26) පස්වරුවේ අත්සන් කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ අද බෙයිජිං නුවරදී අදාළ ගිවිසුමට අත්සන් තැබුණු බවයි.
චීන රජයේ නියෝජ්‍ය මුදල් අමාත්‍ය ලියාවෝ මින් හමුවු අවස්ථාවේදි අදාළ ගිවිසුම් ක්‍රියාත්මක කරලීම සම්බන්ධයෙන් වූ අවෙබා්ධතා ගිවිසුමට චීන ශ්‍රි ලංකා තානාපති මජින්ත ජයසිංහ මහතා අත්සන් කර තිබුණා.
අනතුරුව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ දී ශ්‍රී ලංකාවේ චීන තානාපති කී. සෙන්හොංග් (Qi Zhenhong) මහතා සහ මහාභාණ්ඩාගරයේ නියෝජ්‍ය ලේකම් ඒ.කේ. සෙනවිරත්න යන මහත්වරු එම අවබෝධතා ගිවිසුම හුවමාරු කරගත් බවට වාර්තා වනවා.
මේ අතර අද පැරිසියේ පැවති හමුවේදී ශ්‍රී ලංකාව මෙරට ද්වීපාර්ශ්වික ණය හිමියන්ගේ නිල කමිටුව සමග අමෙරිකානු ඩොලර් බිලියන 5.8ක ණය ප්‍රතිව්‍යුහගතකරණ අවසන් එකඟතාවට ද එළඹුණා.