ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 410ක් රැස් කරගෙන සිටිනවා.
අද (03) දිනයේ ඇන්ජලෝ මැතිව්ස් සිය 16වෙනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර දිනේෂ් චන්දිමාල් 15වෙනි ටෙස්ට් ශතකය රැස්කිරීමට සමත් වුණා.
දිනේෂ් චන්දිමාල් ලකුණු 107ක් රැස් කරගෙන සිටියදී දැවී ගොස් තිබූ අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 141ක් රැස්කරගෙන සිටියදී දැවී ගියා.
මේ අතර, ඇෆ්ගනිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා රැස්කර ගනු ලැබුවේ ලකුණු 198ක් පමණයි.