ශ්‍රී ලංකා රුපියල ඉතිහාසගත අයුරින් අවප්‍රමාණය වී තිබෙනවා.
ඒ අනුව ඇමරිකානු එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (08) රුපියල් 203.50ක් ලෙස සඳහන් වුණා.
මහ බැංකු විනිමය අනුපාතික සටහනට අනුව මෙරට මූල්‍ය ඉතිහාසයේ ඩොලරයක විකුණුම් මිල රු. 203 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වනවා.
මීට පෙර මාර්තු 31 වන දින ඩොලරයේ විකුණුම් මිල රු. 202 සීමාව ඉක්මවා ගොස් තිබුණා.