26.4 C
Colombo
Wednesday, November 27, 2024

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගයටත් වැස්සෙන් බාධා

- Advertisement -

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ඩර්බන්හිදී අද (27) ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට මේ වනවිට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

තරගය නතර කරන විට පළමුව පන්දුව පහර දෙමින් සිටින දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 20.4ක් ක්‍රීඩාකර කඩුලු 4ක් දැවී ලකුණු 80ක් රැස්කරගෙන සිටියා.

කඩුල්ලේ රැඳී සිටින නායක ටෙම්බා බවුමා ලකුණු 28ක් හා කයිල් විරෙයින් ලකුණු 9ක් රැස්කරගෙන සිට තිබුණා.

දකුණු අප්‍රිකානු ඉනිමේ පළමු කඩුලු දෙක ලකුණු 14ක තුළ දවාගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ට හැකිවුණා.

ඉන් පළමු කඩුල්ල ලෙස ඒඩියන් මාක්‍රම් ලකුණු 9කට දවාගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වූ අතර, අනෙක් කඩුල්ල වූ ටෝනි ද සෝර්සි ලකුණු 4කට දවාගැනීමට විශ්ව ප්‍රනාන්දු සමත් වුණා.

එමෙන්ම බිඳවැටුණු අනෙක් කඩුලු දෙකටම හිමිකම්කීමට ලහිරු කුමාර සමත්ව තිබෙනවා.

ඔහු මුලු ලකුණු 46දී ලකුණු 16ක් රැස්කරගෙන සිටි ට්‍රිස්ටන් ස්ටබ්ස්ගේ කඩුල්ලද, මුලු ලකුණු 54ක් වද්දී ලකුණු 4ක් රැස්කරගෙන සිටි ඩේවිඩ් බෙඩිංහැම්ගේ කඩුල්ලද දවාගත්තා.

RECENT ARTICLES - SINHALA

කලාවැවේ හදිසි වාන්දොරටුත් විවෘත කරලා

පවතින වර්ෂාවත් සමඟ කලාවැවේ ජල මට්ටම ඉහළ යාම හා වාන් දැමීම හේතුවෙන් කලාවැව හදිසි වාන් දොරටු දෙකම අද පස්වරුව වනවිට අඩි18 බැගින් විවෘත කර...

නැගෙනහිර මුස්ලිම් පාසල් වලට දවස් දෙකක් නිවාඩු

පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් සඳහා හෙට (28) හා අනිද්දා (29) නිවාඩු ලබා දුන් බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. පළාත් ආණ්ඩුකාර...

නැගෙනහිර වෙරළට ආසන්නව ඉදිරි පැය 06 තුළ සුළි කුණාටුවක්

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (27) දින පෙ. ව. 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110 ක් පමණ දුරින්...

POPULAR ARTICLES