31 C
Colombo
Friday, January 10, 2025

T20 යොවුන් කාන්තා ලෝක කුසලානයට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය

- Advertisement -

මැලේසියාවේ පැවැත්වීමට නියමිත අයි. සී. සී. වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම සඳහා තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය අද (10) ප්‍රකාශයට පත් කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මේ සඳහා 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරාගෙන තිබෙනවා.

එහි කණ්ඩායම් නායිකාව ලෙස මොරටුව වේල්ස් කුමරි විදුහලේ මනුදි නානායක්කාර කටයුතු කරන අතර, මාතර අනුර විදුහලේ රශ්මිකා සෙව්වන්දිට උපනායකත්වය හිමිව තිබෙනවා.

එමෙන්ම මෙම සංචිතයට ශ්‍රී ලංකා හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය වන ලිමන්සා තිලකරත්නද ඇතුළත්ව සිටිනවා.

කණ්ඩායම් 16ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ජනවාරි 18වනදා ආරම්භ වනු ඇති.

ඒ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එළැඹෙන 11වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටයේ A කාණ්ඩයෙන් ක්‍රීඩාකරන ශ්‍රී ලංකාව එහිදී මැලේසියාව, බ.ඉ. කොදෙව් සහ ඉන්දියාව සමගින් ක්‍රීඩාකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: දුමින්දට බන්ධනාගාර රෝහල අහිමිවෙයි

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට අදාළව මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලෙන්, වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යවා තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය...

රට පැන්නා කියපු මනූෂ සිරිකොතින් මතු වෙයි

විදේශගතව සිටින බවට ප්‍රකාශ වූ හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයට අද (10) පැමිණ තිබුණා. එහිදී මාධ්‍යට අදහස් පළකරමින් ඔහු...

ක්ලීන් ශ්‍රී ලංකා ගැන චාමර කිව්ව සියල්ල බොරු

ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක උත්සවයට ලක්ෂ 70ක් වැය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා සිදු කළ ප්‍රකාශය අසත්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය...

POPULAR ARTICLES