ඉලංගෝ රාම්ගේ අධ්‍යක්ෂණයෙන් තිරගත වූ නෙළුම් කුලුනෙහි ප්‍රතිනිර්මාණයක් වන පෙරුසු චිත්‍රපටිය Nextflixහි තිරගත වීමට නියමිතව තිබෙනවා.
එය අප්‍රේල් 11 වැනිදා සිට Nextflix ඔස්සේ නැරඹීමට හැකියාව පවතිනවා.
2025 මාර්තු 14 වන දින සිනමාහල්වල නිකුත් කරන ලද මෙම චිත්‍රපටයේ වෛභාව් රෙඩ්ඩි, සුනිල් රෙඩ්ඩි, නිහාරිකා එන්එම්, බාල සරවනන්, රෙඩින් කිංස්ලි සහ චන්දිනී තමිලරසන් ඇතුළු දකුණු ඉන්දියානු නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.
ඉලංගෝ රාම් තිර රචනය කොට අධ්‍යක්ෂණය හා කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වූ නෙලුම් කුලුන සිනමාපටය මාර්තු 14 වැනිදා සිට දිවයින පුරා තිරගත වීම ආරම්භ කළා.
නෙළුම් කුලුන (Tentigo) 2023 වසරේ තලින් බ්ලැක් නයිට්ස් චිත්‍රපට උලෙළේ (FIAPF) අනුමත ඒ ශ්‍රේණියේ උලෙළක්) ජූරියේ විශේෂ සම්මානය දිනා ගැනීමට සමත් වුණා.
මෙම සිනාමා පටය දෙමළ භාෂාවෙන් (පෙරුසු) සහ තෙළිඟු භාෂාවෙන් (පෙධා) නැවත නිර්මාණය කර ඇති අතර විදේශයකදී නැවත නිර්මාණය (Remake) කරන ලද ප්‍රථම ශ්‍රී ලාංකේය චිත්‍රපටය වීමද විශේෂත්වයක්.