ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායකයා මෙන්ම බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ වර්තමාන සභාපතිවරයා ද වන බන්දුල වර්ණපුර මහතා රෝහල්ගත කර ඇතිබව වාර්තා වනවා.
වම් කකුලේ දණහිසට පහළින් කකුල් කොටස ඉවත්කිරීම නිසා නිසා දැඩි අසාධ්‍ය තත්වයෙන් ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි පැවසෙන්නේ.
68 හැවිරිදි ඒ මහතා මීට දින 3 කට පමණ පෙර කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබුණි.
බන්දුල වර්ණපුර මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 4කට සහ එක්දින ජාත්‍යන්තර තරඟ 12කට ක්‍රීඩා කර ඇත.