මෙරට විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කබ්රාල් මහතා සදහන් කරන්නේ අදාළ සංචිත ප්‍රමාණය මේ වසර නිමවන තෙක් පවත්වා ගැනීමට හැකිවෙනු ඇති බවට අපේක්ෂා කරන බවයි.
කෙසේ වෙතත් මෙරට ඩොලර් සංචිත ප්‍රමාණය දිගින් දිගටම පහළ බැසීම හේතුවෙන් මූඩිස් ශ්‍රේණිගත කිරීමෙන් හා ෆිච් ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පහතට ඇද දමනු ලැබූවා.