29.1 C
Colombo
Thursday, January 16, 2025

ශ්‍රී ලංකන් ගුවන් සමාගම‍ රටට බරක්..! – කෝප් සභාපති

- Advertisement -

ශ්‍රී ලංකන් ගුවන් සමාගම රටේ රාජ්‍ය යාන්ත්‍රණයට මූල්‍යමය වශයෙන් බරපතල බරක් හෙයින් එම ආයතනය රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස රටේ ජාතික ආර්ථිකයට සිදුකරන අහිතකර බලපෑම සම්බන්ධයෙන් විශේෂයෙන් මැදිහත් වන ලෙස කෝප් කමිටුවේ සභාපති, මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) රජයෙන් ඉල්ලිමක් සිදු කළා.

ඔහු මෙම ඉල්ලීම කළේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ තෙවැනි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වර්තමාන තත්වය සහ පසුගිය ක්‍රියාකාරීත්වය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අනුකමිටු තුනක් පත්කළ බවත් එම කමිටුවල වාර්තාද කෝප් වාර්තාවට ඇතුළත් කළ බවත් හෙතෙම සඳහන් කර සිටියා.

එම කමිටු නිර්දේශ කර ඇත්තේද මෙම රාජ්‍ය ව්‍යාපාරය සම්බන්ධයෙන් බරපතළ ලෙස කල්පනා කළ යුතු බවයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝප් වාර්තාවේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය, රක්ෂණ සංස්ථාව, සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, ජාතික චිත්‍රපට සංස්ථාව, මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල මඟින් ආයෝජනය කරන ලද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, සහ ශ්‍රී ලංකා ගමනා ගමණ මණ්ඩලය යන ආයතන වල කටයුතු පිළිබඳ තොරතුරු ඇතුළත් වන බවද ඔහු පවසා සිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වූ චරිත හේරත් මහතා,

“ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වර්තමාන තත්ත්වය සහ පසුගිය ක්‍රියාකාරීත්වය ගැන විමර්ශනය කරන්න අනුකමිටු තුනක් පත්කළා. විශේඥ කමිටුවත් ඒ වගේම අමාත්‍යාංශය මුල්කරගත්ත රාජ්‍ය පැත්තෙන් මෙහි අනාගත ව්‍යාපාරික සැළැස්ම පිළිබඳව ඉදිරිපත් කරන ලද වාර්තාවකුත් ඒ වගේම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අනාගත මූල්‍ය අරමුණු , අනාගත ව්‍යාපාරික සැළැස්ම පිළිබඳව කරන ලද සාකච්ඡා තුනක් අපි මේකට ඇතුළත් කළා. සාකච්ඡා තුනේදි අපේ කමිටුවේ නිර්දේශය වුණේ මේ ගරු සභාව මේ රාජ්‍ය ව්‍යාපාරය පිළිබඳව බරපතල ආකාරයෙන් කල්පනා කළ යුතු බවයි. ‍ කෝප් කමිටුවේ මෙවර වාර්තාව හා සම්බන්ධ ශ්‍රි ලංකන් ගුවන් සමාගම රාජ්‍ය ව්‍යාපාරයක් විදිහට අප රටේ ජාතික ආර්ථිකයට කරන බලපෑම සම්බන්ධයෙන් මැදිහත්වන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමින් මේ සභාවට වාර්තාව පිළිගන්වනවා.”


RECENT ARTICLES - SINHALA

මන්නාරම වෙඩි තැබීම ගැන වැඩිදුර තොරතුරු

මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු අද (16) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. එමෙන්ම සිද්ධියෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා  තිබුණා. අද...

චීනෙන් හම්බන්තොටට නව තෙල් පිරිපහදුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේදී මෙරටට හිමිවූ විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී...

අවලෝකිතේශ්වර ලෙස පෙනී සිටි පුද්ගලයාට අධිකරණයෙන් නියෝගයක්

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට අපහාස කළේ යැයි චෝදනා එල්ල වූ මහින්ද කොඩිතුවක්කු  සම්බන්ධයෙන් නීතිපති උපදෙස් සදහා ලබන ජුනි මස 18 දින කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී...

POPULAR ARTICLES

මන්නාරම වෙඩි තැබීම ගැන වැඩිදුර තොරතුරු

මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු අද (16) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. එමෙන්ම සිද්ධියෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා  තිබුණා. අද...

චීනෙන් හම්බන්තොටට නව තෙල් පිරිපහදුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේදී මෙරටට හිමිවූ විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී...

Breaking: මන්නාරම අධිකරණය ඉදිරිපිට වෙඩි තැබීමක්

Update:මන්නාරම අධිකරණය ඉදිරිපිට දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තිබෙනවා. මන්නාරම අධිකරණය ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග...