අද (25) දින සිදු වූ ගුවන් ගමන් ප්‍රමාදය පිළිබඳ ශ්‍රීලන්කන් ගුවන් සේවය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම ප්‍රමාදයන්, තාවකාලික සහ සැලසුම් නොකළ මෙහෙයුම් තත්ත්වයක් නිසා සිදු වූවක් බව ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහන් කරනවා.
එය කිසිදු ආකාරයක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නිසා සිදු වූවක් නොවන බවද එම සමාගම පෙන්වා දී තිබෙනවා.
එසේම, ප්‍රමාදයන් නිසා ඇති වූ අපහසුතාව පිළිබඳ ශ්‍රීලන්කන් ගුවන් සමාගම සියලු මඟීන්ගෙන් සමාව අයදින බව ද මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
නැවත එවැනි තත්ත්වයක් ඇති වීම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය කටයුතු කරන බවද එම නිවේදනය මඟින් ඔව්න් පෙන්වා දෙනවා.