32 C
Colombo
Friday, February 21, 2025

අසල්වැසි ඉන්දියාවේ නැඟී සිටීම ශ්‍රී ලංකාවට හයියක්..! – වාසුදේව

- Advertisement -

ඉන්දියාව ආර්ථිකමය වශයෙන් ලෝකයේ පස් වැනි තැනට පැමිණීම යනු, ආසියාව ලෝකය තුළ ආර්ථිකමය බල හුවමාරුවේ සුවිශේෂ අවස්ථාවකට පැමිණීමක් ලෙස වාසුදේව නානායක්කාර පවසනවා.

අසල්වැසි රාජ්‍යය වශයෙන් ඉන්දියාවේ මෙම නැඟී සිටීම ශ්‍රී ලංකාවට හයියක් බව ද වාසුදේව නානායක්කාර ප්‍රකාශ කරනවා.

විසඳුම් සෙවීමට ප්‍රශ්න ගැන කතා කිරීමෙන් වැඩක් නැති බවත් ඒ සඳහා විසඳුම් ගැන පමණක් කතා කිරීම ඵලදායී බවත් වාසුදේව නානායක්කාරගේ මතය යි.

මේ අතර, ශ්‍රී ලංකාවට මෑතකාලීන ව ඇමරිකානු ඩොලර් බිලියන 04ක සහන සපයා ඇති බව ඉන්දියාව පවසනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දියානු නිත්‍ය නියෝජිත රැචිරා කාම්බෝජ් මේ බව සඳහන් කළේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සභාවේ සැසියක් අමතමින්.

ඉන්දියාව ආසන්නම අසල්වැසියන් වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබා දෙන බව සදහන් කළ ඇය කියා සිටියේ, අසල්වැසියෙකු මෙන්ම සමීප මිතුරකු ද වන ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම සදහා විශේෂයෙන් කටයුතු කර ඇති බවයි.

2017 වර්ෂයේ ඉන්දියාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය එක් ව ස්ථාපිත කළ සංවර්ධන සහයෝගීතා අරමුදල මඟින් මේ වන විට සංවර්ධනය වෙමින් පවතින රටවල් 51ක ව්‍යාපෘති 66ක් සදහා සංවර්ධන සහය පළ කර ඇති බව ද ඇය මෙහි දී අනාවරණය කළා

මේ අතර, ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහනය කළ හැකි සහ ගොඩ බැස්සවිය හැකි දෙවැනි ගුවන් යානා ප්‍රවාහන නෞකාවත් ඉන්දීය නාවික හමුදාවට පසුගිය දා එකතු වුණා.

ඒ ඉන්දීය සාගර කලාපයේ අණසක පතුරුවන නාවික ක්ෂේත්‍රයේ ද දැවැන්තයා තමන් බවට තහවුරු කරමින්.

ඒ අනුව පසුගිය දා එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් ඉන්දියාවේ නිෂ්පාදිත පළමු ගුවන්යානා ප්‍රවාහන නෞකාව, වික්‍රාන්ත් අධිකාරියට පත් කිරීමේ උත්සවය කේරළයේ දී පැවැත්වුණා.

වික්‍රාන්ත් වසර 13ක් පුරා ඉන්දීය නාවික හමුදාවේ යුධ නැව් සැලසුම් කාර්යාංශය විසින් නිර්මාණය කර ඇති අතර කොචි හි කොචින් නැව් තටාකාංගනයේ සාමූහික උත්සාහයක අග්‍රඵලය යි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයෙන් අනතුරුව ටොන් 45,000ක් බරැති වික්‍රාන්ත් ඉන්දීය නාවික යාත්‍රා වික්‍රාන්ත් (INS – Vikrant) යන ගෞරවය හිමිකර ගත්තා.

දිගින් අඩි 860ක් වන මෙම නෞකාවේ උස අඩි 197ක්.

පැයට නාවික සැතපුම් 28ක උපරිම වේගයකින් ගමන් කළ හැකි මෙම නෞකාවට එක් ඉන්ධන පිරවුමකින් පසු ව නාවික සැතපුම් 7500ක දුරක් ගමන් කළ හැකි අතර, එය මාස 8ක කාලයක් අඛණ්ඩ ව සයුරේ රඳවා තබා ගැනීමටත් හැකි යි.


RECENT ARTICLES - SINHALA

වසන්ත සමරසිංහගේ නම සඳහන් බදු වංචා නඩුව ගැන තීරණයක්

නැෂනල් වර්කස් ඉන්ස්ටිටියුට් ආයතනය සතු දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩම ව්‍යාජ ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ තිස්හයකට බදු දී වංචා කරන ලද බව කියන සිද්ධිය...

නිට්ටඹුවේදී පුද්ගලයින් දෙදෙනෙක්ට තියුණු ආයුධ ප්‍රහාරයක්

නිට්ටඹුව පොලිස් වසමේ දී පුද්ගලයන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පොලීසිය පවසනවා. සිද්ධියෙන්...

ත්‍රීරෝද රථයක මිල ඉහළට

අලුතින්ම මිලදී ගන්නා ත්‍රීරෝද රථයක මිල රුපියල් 1,995,000.00ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. David Pieris Motor Company (Pvt) Ltd සිය වෙබ් අඩවිය තුළ මෙම නව මිල...

POPULAR ARTICLES

වසන්ත සමරසිංහගේ නම සඳහන් බදු වංචා නඩුව ගැන තීරණයක්

නැෂනල් වර්කස් ඉන්ස්ටිටියුට් ආයතනය සතු දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩම ව්‍යාජ ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ තිස්හයකට බදු දී වංචා කරන ලද බව කියන සිද්ධිය...

නිට්ටඹුවේදී පුද්ගලයින් දෙදෙනෙක්ට තියුණු ආයුධ ප්‍රහාරයක්

නිට්ටඹුව පොලිස් වසමේ දී පුද්ගලයන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පොලීසිය පවසනවා. සිද්ධියෙන්...

සංජීව ඝාතන සැකකරු පොටෝ වල ඉන්නේ ලව් කරනවා වගේ – චාමර (වීඩියෝ)

අපරාධයක් සිදුකළ පසු අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඡායාරූප මාධ්‍යය​ට නිකුත්වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (21) මහජන...