26.6 C
Colombo
Sunday, March 30, 2025

ජාතික ආරක්ෂාව ගැන ගැටලු විසඳෙන තෙක් Starlink මෙහෙයුම් නැවතිලා

- Advertisement -

මෙරට ජාතික ආරක්ෂාවට අදාළ ගැටලුවකදී රජයේ ආයතනවලට දත්ත හෝ සන්නිවේදන තොරතුරු ලබා ගැනීමේ අයිතිය සහතික කරන තෙක්, ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම නවතා ඇති බවට පුවතක් ඩේලි මිරර් වාර්තා කරනවා.

2024 වසරේදී  ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ස්පේස්එක්ස් වෙත  චන්ද්‍රිකා තාක්ෂණය හරහා ක්‍රියාත්මක කෙරෙන “ස්ටාර්ලින්ක්” අන්තර්ජාල සේවාව මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය බලපත්‍ර  නිකුත් කර තිබුණා.

එම අවස්ථාවේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නව විදුලි සංදේශ පනතක්ද සම්මත කරනු ලැබූ අතර එහිදී වසර 28කට පසු පළමු වරට එම නීතියේ සංශෝධනයක්ද සිදු කරනු ලැබුවා.

ඒ අනුව, ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව මෙරට ස්ථාපිත කිරීම සඳහා මඟ පෑදිම සිදු වුණා.

ඊලොන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව මෙරට මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරනු ලැබූයේ 2024 මාර්තු මාසයේදීයි.

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව Starlink’ Lanka (Private) Ltd හරහා ක්‍රියාත්මක කිරීමට නියමිත ‘Starlink’ අන්තර්ජාල සේවා ගාස්තු සැලසුම් සඳහා අනුමැතිය ලබා දී තිබුණා.

ඒ, අවමය මාසිකව රුපියල් 9,200 සිට උපරිමය රුපියල් ලක්ෂ 18 දක්වා වන පැකේජ 05කටයි.

මේ සම්බන්ධයෙන් ඩේලි මිරර් වෙත අදහස් දක්වමින් තොරතුරු තාක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසා ඇත්තේ, නීතියමය අවශ්‍යතාවයක් ඇති වුවහොත් දත්ත සහ සන්නිවේදන තොරතුරු ලබා ගැනීමේ අයිතිය තහවුරු කරන තෙක් Starlink මෙහෙයුම් මෙරට තුළ ක්‍රියාත්මක නොවනු ඇති බවයි.

ඇතැම් පුද්ගලයින් විසින් නීති විරෝධී ක්‍රියාවන් සඳහා Starlink අන්තර්ජාල සේවා භාවිතා කරන අවස්ථා තිබිය හැකි බවත් එවැනි අවස්ථාවලදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් අදාළ දත්ත ලබා ගැනීමේ අයිතිය ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත තිබිය යුතු බවත් ඔහු පෙන්වා දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මුස්ලිම් පාසල්වලට ලැබෙන නිවාඩුව ගැන දැනුම්දීමක්

රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබා දීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ එළැඹෙන 31 වැනි දිනට අමතරව...

මුහුදේ පාවෙමින් තිබූ කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

නාවික හමුදාව විසින් රුපියල් මිලියන 49 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක්  තලෙයිමන්නාරමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ දී සිදුකළ මෙහෙයමුකදී කේරළ...

පුනරුත්ථාපන මධ්‍යස්ථානයකදී තරුණයෙක් මරුට

මිනුවන්ගොඩ - පන්සිල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන පෞද්ගලික මධ්‍යස්ථානයක පුනරුත්ථාපනය වෙමින් සිටි පුද්ගලයෙකු හදිසියේ මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ, ගම්පහ - ගනේමුල්ල...

POPULAR ARTICLES

රනිල් සර් ගැන කියමින් දොඩම්පහළ අඬාවැටෙයි (වීඩියෝ)

රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් පැවති දානමය පින්කමකදී දොඩම්පහළ රාහුල හිමියන් කළ ප්‍රකාශයක් පිළිබඳව පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් මතුව තිබුණා. එහිදී...

මුස්ලිම් පාසල්වලට ලැබෙන නිවාඩුව ගැන දැනුම්දීමක්

රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබා දීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ එළැඹෙන 31 වැනි දිනට අමතරව...

මුහුදේ පාවෙමින් තිබූ කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

නාවික හමුදාව විසින් රුපියල් මිලියන 49 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක්  තලෙයිමන්නාරමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ දී සිදුකළ මෙහෙයමුකදී කේරළ...