24.7 C
Colombo
Saturday, November 23, 2024

IMF තුන්වන සමාලෝචනය ගැන රජයෙන් ප්‍රකාශයක්

- Advertisement -

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව සාර්ථකව අවසන් කළ බව රජය පවසනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් අද (22) පස්වරුවේ මේ බව සඳහන් කර තිබුණා.

මේ අතර තුන්වන සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හෙට (23) පෙරවරුවේ නිල වශයෙන් කරුණු දැක්වීමට නියමිතයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී අද පැවැත්වුණා.

ඊට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම සහභාගි වූ අතර ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායම සහභාගි වි තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර පැවති තෙවැනි සමාලෝචනයට අදාළ සාකච්ඡාව සාර්ථකව අවසන් වූ බවයි.

ඒ අනුව තුන්වන සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හෙට පෙරවරුවේ නිල වශයෙන් කරුණු දැක්වීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

මම එනවට අකමැති සභාපති හාදයා කවුද ?

තමන්ට රනිල් වික්‍රමසිංහ පෙනෙනා බවත් ඔහු කීප දෙනෙකුගේ ප්‍රාණ ඇපකරුවෙක් වී ඇති බවත් සිලින්ඩරයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස ඊයේ (21) දිවුරුම් දී පැමිණි රවී...

Whatsapp සමාගමෙන් නව විශේෂාංගයක්

Whatsapp සමාගම මගින් නවතම විශේෂාංගයක් හඳුන්වා දීමට සූදානම් වනවා. මෙම විශේෂාංගය යටතේ කෙනෙකු වෙත යොමු කරනු ලබන හඬ පණිවුඩයක්, ඝෝෂාකාරි ස්ථානයකදී ලිඛිත පණිවුඩයක් ලෙස කියවීමට...

ඉන්දීය ධීවරයින් වහා නිදහස් කරන්න – තමිල්නාඩු මහ ඇමති

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධීවරයින් වහා නිදහස් කළ යුතු බව ඉල්ලමින් තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් ඉන්දීය මධ්‍යම රජය...

POPULAR ARTICLES