30 C
Colombo
Wednesday, January 15, 2025

පොලිස් කෲරත්වය හෙළා දකිමින් නීතීඥ සංගමයෙන් ප්‍රකාශයක්

- Advertisement -

මැදවච්චිය පොලිසියේ රථවාහන කොට්ඨාශයේ නිලධාරීන් විසින් තරුණයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් මෙන්ම විනිවිදභාවයෙන් යුතුව ක්‍රියා මාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය (BASL) ඉල්ලා සිටිනවා.

අනුරාධපුරය, මැදවච්චිය ප්‍රදේශයේ දී තරුණයෙකුට එල්ල වූ බව කියන ම්ලේච්ඡ පොලිස් ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස ඔහු අප්‍රේල් 9 වැනිදා අනුරාධපුර ශික්ෂණ රෝහලේදී සැත්කමට භාජනය වූ අතර එහිදී එම තරුණයාගේ එක් වෘෂණ කෝෂයක් ඉවත් කිරීමට සිදුව තිබුණා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කරන්නේ මෙම අපරාධයට වග කිව යුත්තන් සියලු පාර්ශවයන්ට එරෙහිව උපරිම ලෙස නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.

සිය නිල රාජකාරි කරමින් සිටින අතරතුර පොලීසිය විසින් පුරවැසියන් වෙත ඕනෑම ආකරයකින් කෲරත්වය මුදා හැරීම නීතීඥ සංගමය තරයේ හෙළා දකිනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන්  දැඩි අවධානයෙන් පසුවන බවත් මෙවැනි නින්දිත ක්‍රියා නැවත සිදු නොවීමට අවශ්‍ය සියලුම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අද ඩොලරය

පසුගිය සතියට සමගාමීව අද (15) වාණිජ බැංකුවල, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ඩොලරය ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ ඩොලරයේ ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 290.74ක්...

බාල බෙහෙත් 300 ක් ගැන CIDය පරීක්ෂණයක් ඉල්ලයි

මෙරට සෞඛ්‍ය පද්ධතියේ පාවිච්චි කළ ගුණාත්මකභාවයෙන් අඩු බවට තහවුරු ඖෂධ කාණ්ඩ හා ශල්‍ය උපකරණ 300කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධව පූර්ණ විමර්ශනයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ...

Breaking: වෙලේ සුදාට බරපතළ වැඩ සහිත සිරදඬුවම්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදාට, ඔහුගේ බිරිඳ සහ තවත් කාන්තාවකට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර අට බැගින්...

POPULAR ARTICLES