27.6 C
Colombo
Friday, April 11, 2025

වැලිකඩ පොලිස් භාරයේ සිටි තරුණයාගේ මිය යාම ගැන නීතීඥ සංගමයෙන් නිවේදනයක්

- Advertisement -

වැලිකඩ පොලිස් භාරයේ සිටියදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව සැකකරුවෙකු මිය යාම සම්බන්ධව නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන්ව ඇත්තේ, මෙම සිද්ධිය සම්බන්ධව නීතීඥ සංගමයේ දැඩි කනස්සල්ලට හේතුවී ඇති බැවින් මේ සම්බන්ධව ක්ෂණික සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස වැඩබලන පොලිස්පතිවරයායෙන් ඉල්ලා සිටින බවයි.

එමෙන්ම, මේ සම්බන්ධව සිදුවන සිදුවීම් නීතීඥ සංගමය සමීපව නිරීක්ෂණය කරන බවත්, සිද්ධිය සම්බන්ධව නිසි ක්‍රියාමාර්ග අනුගමනය කරන බව සහ නීතියේ ආධිපත්‍ය සහතික කිරීම සඳහා අවශ්‍ය ඕනෑම පියවරක්ද ගනු ඇති බවත්, නීතීඥ සංගමය සිය ලිපිය මගින් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම දශක ගණනාවක් පුරාවට ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතන එවැනි සිදුවීම් වැළැක්වීම් සඳහා දැඩි ප්‍රවේශමෙන් හා වගකීමෙන් යුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත් මෙවැනි සිදුවීම් යුක්තිය පසිඳලීමේ ක්‍රමය කෙරෙහි විශ්වාසය කඩ කිරීම් බවත් නීතීඥ සංගමය සිය ලිපිය මගින් අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම අත්අඩංගුවේ පසුවන පිරිස් මරණයට පත්වීමේ සිදුවීම් අඛණ්ඩව සිදුවන බවත් එම සිද්ධීන් හී වරදකරුවන් නීතිය හමුවට පමුණුවා ගැනීම සඳහා කඩිනම් පියවර සහ පියවර ගැනීම් සඳහා බලධාරීන් මන්දගාමී වීම පිළිබඳවද නීතීඥ සංගමය සිය කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා.

තවද එම ලිපිය මඟින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, එවැනි සිදුවීම් නැවත ඇතිවීම වැළැක්වීම සහ ඊට අදාළ පිරිස් වෙත දඬුවම් නොකිරීම පිළිබඳ රජය වෙත චෝදනා එල්ල වන බවයි.

මේ හේතුවෙන් අත්අඩංගුවේ පසුවන පුද්ගලයින්ගේ මරණ සම්බන්ධව අනුගමනය කළ හැකි පියවරයන්ට නීතීඥ සංගමය සහය දක්වන බවත් ඒ සම්බන්ධව සිය සංගමය ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට සහාය වීමට කැමැත්තෙන් පසුවන බවද නීතීඥ සංගමය සිය ලිපිය මගින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

මේ ආණ්ඩුව රනිල්ගේ මයිල් ගහක්වත් හොලවන්නේ නැහැ – චාමර සම්පත්

වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මයිල් ගහකටවත් හානියක් සිදු නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්...

මාව ජනාධිපති කළා කියන්නේ රටේ වාසනාව තමයි – සීලරතන හිමි

එළැඹෙන මැතිරණයෙන් තමාව ජනාධිපති කළහොත් එය අප රටේ ජීවත්වන ජනතාවගේ වාසනාවක් බවත්, එසේ වුවහොත් තමා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන බවත්, පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන...

නීති විරෝධී විදෙස් දුම්වැටි සමග අයෙක් මාට්ටු

නීති විරෝධීව මෙරටට දුම්වැටි තොගයක් රැගෙන ආ ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි 29...

POPULAR ARTICLES