අනුරාධපුර – රුවන්වැලිසෑයට බැතිමතුන් විසින් පූජාකරන ලද අටපිරිකර සොරකම් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අනුරාධපුරයේ උඩමලුව පොලිසිය විසින් ඊයේ (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ ඔවුන්ගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී භික්ෂුවක් ලෙස වෙස්වළාගෙන සිටි බවයි.
පොලීසිය පවසන්නේ, ඔවුන් රුවන්වැලිසෑය පරිශ්‍රයෙන් අටපිරිකර හතරක් සොරකම් කර ඇති අතර එහි වටිනාකම රුපියල් 10,000 / – ක් පමණ වන බවයි.