මහර බන්ධනාගාරය තුළ සිදුවූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය.
ඇය මේ බව පැවසූවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද (30) නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
‘අපි අනිවාර්යයෙන්ම මේ පිළිබඳ අගමුල සොයන්න ඕනේ. අදිසි හස්තයක් තියෙන බව අපිට විශ්වාසයි. ඒ නිසා ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් දැම්මා වගේම අපිටත් අවශ්‍යයි හොයන්න කවුද මේකට සම්බන්ධ, අනුබල දෙන්නේ කියලා හොයා ගැනීම. ඒ වගේම රහස් පොලීසියටත් අපි මේ ගැන පරීක්ෂණ භාර දෙනවා.’
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශ ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවට අමතරව එම තීරණය ගත් බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.