රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, පොලිස්පතිවරයා මේ වනවිට පල්ලෙකැලේ, දුම්බර බන්ධනාගාරයේ ආරක්ෂිත සිර මැදිරියක රඳවා සිටින බවයි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අධිකරණ නියෝග මත එලෙස විශේෂ ආරක්ෂාවක් සැපයීමට පියවර ගත් බවයි.
පසුගිය 20 වැනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අප්‍රේල් 3 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේ, පසුගිය පෙබරවාරී 28 වැනිදායි.
ඒ, 2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා මාතර, වැලිගම හෝටලයක් අසළ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මියයාම සම්බන්ධයෙන්.