26.6 C
Colombo
Sunday, March 30, 2025

ලීක් උනොත් කළ යුතු දේ මෙන්න

- Advertisement -

ගෑස් කාන්දුවකදී ජනතාව ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව විසින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල සිදුවන කාන්දුවීම් සහ ගෑස් පිපිරීම් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන පසුබිමක ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ පුහුණු කිරීමේ නිලධාරී යූ. එස් කලන්සූරිය මහතා පවසන්නේ ජනතාව සැලකිලිමත් විය යුතු කරුණු රැසක් පවතින බවයි.

“විශේෂයෙන්ම ගෑස් කාන්දුවකදී ඒ ආසන්නයේ ගිනිගන්නා සුළු කිසිවක් තබන්න එපා. එමෙන්ම ගෑස් සිලින්ඩරය ඇදීමෙන් වළකින්න. එහිදී නැවත ස්පාක්වීමක් සිදුවීම නිසා පිපිරීමක් ඇති වෙන්න පුළුවන්. ගෑස් කාන්දුවකදී සිලින්ඩරය ඉවත් කර ගන්නා ආකාරය වැදගත්. මෙහිදී ගෑස් සිලින්ඩරය එම ස්ථානයෙන් ඉවත් කිරීමේදී එය කෙළින් අතට විය යුතුයි. ආධාරකයක් යොදා ගනිමින් එය කළ යුතුයි.”

“පසුගිය දිනවල ගෑස් කාන්දුවීම් හා පිපිරීම් විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණා. ප්‍රධානම හේතුව වී ඇත්තේ ගෑස් ලිප සම්බන්ධයෙන් විශේෂ අවබෝධයක් නොතිබීම.”

“ඒ වගේම ගෑස් පාවිච්චියෙන් පසු එය නිවැරදිව ක්‍රියාවිරහිත නොකිරීම නිසා ගොඩක් ව්‍යසනයන් ඇතිවී තිබෙනවා.”

“ඇතැම් ස්ථානවල වතුර උණු කරලා වතුර පිටතට ඇවිත් ලිප නිවිලා. ඒත් ගෑස් පිට වෙනවා. ඒ බව අවබෝධයක් නොමැතිව ලිප නැවත ක්‍රියාත්මක කිරීම නිසා අනතුරු සිදුවී තිබුණා.”

RECENT ARTICLES - SINHALA

මුස්ලිම් පාසල්වලට ලැබෙන නිවාඩුව ගැන දැනුම්දීමක්

රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබා දීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ එළැඹෙන 31 වැනි දිනට අමතරව...

මුහුදේ පාවෙමින් තිබූ කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

නාවික හමුදාව විසින් රුපියල් මිලියන 49 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක්  තලෙයිමන්නාරමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ දී සිදුකළ මෙහෙයමුකදී කේරළ...

පුනරුත්ථාපන මධ්‍යස්ථානයකදී තරුණයෙක් මරුට

මිනුවන්ගොඩ - පන්සිල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන පෞද්ගලික මධ්‍යස්ථානයක පුනරුත්ථාපනය වෙමින් සිටි පුද්ගලයෙකු හදිසියේ මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ, ගම්පහ - ගනේමුල්ල...

POPULAR ARTICLES

රනිල් සර් ගැන කියමින් දොඩම්පහළ අඬාවැටෙයි (වීඩියෝ)

රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් පැවති දානමය පින්කමකදී දොඩම්පහළ රාහුල හිමියන් කළ ප්‍රකාශයක් පිළිබඳව පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් මතුව තිබුණා. එහිදී...