කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ විදුලි රැහැන් හොරකම් නැවත්වීම සඳහා පොලිස් ව්ශේෂ කාර්ය බලකායේ සහය ලබා ගැනීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් විසින් කාලයක් පුරා සිදුකරමින් යන කටුනායක කොළඹ අධීවේගී මාර්ගයේ විදුලි රැහැන් කැපීම පිලිබඳව අමාත්‍යංශයට ලැබෙන පැමිණිලි සළකා බලමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ උපදෙස් පරිදි මෙම පියවර ගෙන තිබෙනවා.
කටුනායක අධිවේගී මාර්ගයේ විදුලි රැහැන් කපාගෙන ගිය අවස්ථා වලදී එම හොරුන්ට දඬුවම් කර කොපමණ අලුත්වැඩියා කළත් නැවත නැවත රාත්‍රී කාලයේ සිදුවන හොරකම් නිසා මාර්ගය භාවිත කරන අය ජීවිත අවදානමකට ලක්වන බවද අමාත්‍යාංශය පවසනවා.