අත්‍යාවශ්‍ය සේවා වෙනුවෙන් පැමිණෙන වාහන හඳුනාගැනීම සඳහා ඊයේ (02) දිනයේ භාවිත කරන ලද ස්ටිකර් ක්‍රමය අද (03) දිනයේත් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඊයේ දිනයේ භාවිත කරනු ලැබූ ස්ටිකර් අද දිනයේ වලංගු නොවේ.අද දිනය වෙනුවෙන් වෙනත් වර්ණයකින් යුත් ස්‍ටිකර් නිකුත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියි.
ඒ අනුව ස්ථාන 52 ක දී කොළඹ නගරයට ඇතුළුවන සහ පිටවන වාහන පරීක්ෂා කරමින් ස්ටිකර් ඇලවීම සිදු කරන බව ඒ මහතා ප්‍රකාශ කරයි.