26.9 C
Colombo
Friday, March 14, 2025

රෙස්ලිං ලෝකය කැළඹෙයි! ස්ටින්ග් එයි!

- Advertisement -

AEW රෙස්ලින් කම්පැණියට පහුගිය සතියේ ස්ටින්ග් (Sting) කඩාවැදුණා. ස්ටින්ග් කියන්නේ අනූව දශකයේ WCW කම්පැණියෙ හිටපු ජනප්‍රියම රෙස්ලර් කෙනෙක්. පරණ රෙස්ලින් රසිකයන්ගෙ හිත් කිතිකැවුණ මොහොතක් තමයි ස්ටින්ග් ආපු මොහොත.

Sting AEW Debut

පරණ රෙස්ලින් ෆෑන්ස්ලට මතක ඇති. සුදුපාට ෆේස් පේන්ට් එකක් උඩින් කළු ඉරිවලින් ඇඳගත්ත ස්ටිං ඒ කාලෙ WCW එකේ ගැලවුම්කාරයා වෙලා හිටපු හැටි. එන්ඩබ්ලිව්ඕ කියන ගෲප් එකේ හල්ක් හෝගන්, කෙවින් නෑෂ්  වගේ අය මිනිස්සුන්ට වධ දෙනකොට ස්ටිං තමයි බේස්බෝල් බැට් එකක් අරගෙන ඇවිත් බේරගත්තෙ.

ඊටපස්සේ 2014 සර්වයිවර් සීරීස් එකේ එකපාරම ස්ටිං ආපු හැටි. ඊට පස්සේ රෙස්ල්මේනියා මැච් එකකට ත්‍රිපල් එච්ට චැලේන්ජ් කරපු හැටි මතක ඇති.

WWE එකේ අන්ඩර්ටේකර් වගේ WCW එකේ ස්ටිං කියලයි ඉස්සර කට්ටිය සමාන කළේ. ඇත්තටම පහුගිය කාලෙ WWE එකේ හිටපු ස්ටිං එතැනින් අයින් වෙන්න එක හේතුවක් වෙලා තියෙන්නේ අන්ඩර්ටේකර්-ස්ටිං මැච් එකක් බුක් කරන්න කියලා ඉල්ලුවාම, ඒකට WWE ලොක්කො අකමැති වීමලු.

ඒ වෙලාවෙ රෙස්ලින් වලල්ලෙ AEW ලොක්කෙක් වන කෝඩි රෝඩ්ස්, ඩස්ටින් රෝඩ්ස් (ඉස්සර ගෝල්ඩස්ට්), ආන් ඇන්ඩර්සන් සහ ඩාබි ඇලින් කියන තරුණයා හිටියා. රෙස්ලින් ෆෑන් කෙනෙකුගෙ ඇඟේ හිරිගඬු පිපෙන එන්ට්‍රන්ස් එකක් මේ. හිම, දෙසැම්බර් සීතල, අඳුර එක්ක ස්ටිං කියන හීතල හිතක් තියෙන, අඳුරට කැමති රෙස්ලින් වීරයා ඇතුළුවෙනකොට මාර හැඟීමක් එනවා.

ඇත්තටම ස්ටිං AEW  වළල්ලට ඇවිල්ලා කරපු හැමදේම ඇතුළේ සංකේතයක් තිබුණා.

ස්ටිං මුලින් ගියේ අසූ ගණන්වල රෙස්ලින්වල දැවැන්තයෙක් වෙච්ච ආන් ඇන්ඩර්සන් ළඟට. ගිහින්, මිනිහාගෙ මූණට මූණ බැලුවා. ඊට පස්සේ අනූ ගණන්වල ඇටිටියුඩ් ඉරා රෙස්ලින් නියෝජනය කරපු ගෝල්ඩස්ට් හෙවත් ඩස්ටින් රෝඩ්ස් ළඟට ගියා. AEW කම්පැණිය හැමවෙලාවෙම ඇටිටියුඩ් ඉරා රෙස්ලින්වලට කැමති නෑ. ඩස්ටින් වැටිලා ඉන්නේ. ස්ටිං ඒ දිහා බලන්නෙ උඩ ඉඳන් පහළ බලන කෙනෙක් වගේ. ඒකෙන් සංකේවත් වුණේ අනූ ගණන්වල ද රොක්, ස්ටෝන් කෝල්ඩ්, ඩීඑක්ස් වගේ අයත් සෙක්ස්,වයලස්න්ස් සහ කුණුහරුප රජකරපු අනූ ගණන්වල රෙස්ලින් ගැන ස්ටිං හිතපු විදිය.

ඊට පස්සේ එයා කෝඩි රෝඩ්ස් ළඟට එනවා. කෝඩි වැටිලා ඉන්නේ. එයා නියෝජනය කරන්නෙ දෙදාස් ගණන්වල රෙස්ලින්. ඇත්තටම කෝඩි වැටිලා ඉන්නවා වගේම, දෙදාස් ගණන්වල රෙස්ලිනුත් ටිකෙන් ටික පහළට වැටුණා. මිනිස්සු බලන එක අඩු වුණා. මේ කියවන සමහර අයත් රෙස්ලින් බැලිල්ල ඔය කාලෙ අතාරින්න ඇති.

හතරවැනියට තමයි එයා අනෙක් කෙළවරේ ඉන්න ඩාබි ඇලින් ළඟට යන්නේ. ඩාබි කියන්නේ අවුරුදු විසි ගණන්වල කොල්ලෙක්. එයා තමයි රෙස්ලින් අනාගතය. ඩාබ වැටිලා නෙවෙයි ඉන්නේ. ස්ටිං එද්දී එයා නැගිටිනවා. කෙළින්ම ස්ටිංගේ මූණට මූණ බලනවා. අසූ ගණන්වල හිටපු ස්ටිං සහ විස්සයි විස්සෙන් පස්සේ අනාගතයට අයිති ඩාබි මූණට මූණ බලන එකම අපූරුයි.

රෙස්ලින්වල අලුත් යුගයක් උදා වෙමින් තියෙනවා. සමහරවිට හොඳම යුගයක්. ඩාබිලා අයිති ඒ යුගයට. ඒ ගැන රෙස්පෙක්ට් එකක් ස්ටිංට තියෙනවා. ඒක තමයි එතැනිං සංකේතවත් වුණේ.

ඒ කාලෙ WCW ෂෝස් තිබුණේ ටීඑන්ටී කියන ඇමෙරිකාවෙ ලොකු ටීවී චැනල් එකේ. WCW අයිතිකාරයාත් ටීඑන්ටී. ඒත් අන්තිමේදී WCW එක දුර්වල වෙලා වැටිලා ගියා. WWE එකෙන් WCW සල්ලිවලට ගත්තා. අන්තිමේ ඇමෙරිකාවෙ තිබුණ එකම ලොකු ප්‍රධාන රෙස්ලින් කම්පැණිය යූඑස්ඒ චැනල් එකේ WWE විතරයි. ඒත්, 2019 දී ඔක්කොම වෙනස් වුණා.

ටීඑන්ටී එකට ආයෙමත් රෙස්ලින් ෂෝ එකක් ආවා. ඒ තමයි AEW. රෙස්ලින්වල තිබුණ පරණ විනෝදය ආපහු ගේන්න AEWට පුළුවන් වුණා. අවුරුදු දහඅටකට පස්සේ ආයෙමත් ටීඑන්ටී එකේ රෙස්ලින් ෂෝ එකකට ස්ටිං ආවා. ගොඩක් ෆෑන්ස්ලා ඒ නිසා පිස්සු වැටිලා.

ස්ටිංගේ වයස අවුරුදු 62ක්. ඇත්තටම එයාට දැන් රෙස්ලිං ක්‍රීඩකයෙක් විදියට ගොඩක් දේවල් කරන්න බැරිවේවි. ඒත්, රෙස්ලින් ඉතිහාසෙ කූල්ම චරිතයක් විදියට එයාට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා.

RECENT ARTICLES - SINHALA

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...

සහල් වලට පැන වූ පාලන මිල වෙනස් කර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ...

POPULAR ARTICLES

වැලිවේරියේ වෙඩිතැබීමක්

වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...