29 C
Colombo
Saturday, April 12, 2025

කඩා වැටුන කොටස් වෙළඳපළ

- Advertisement -

කොළඹ කොටස් වෙළෙඳපොළේ අද (07) දෛනික ගනුදෙනු අවසානයේ දී මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් දක්නට ලැබුණා. 

දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 712.90කින් පහළ ගොස් ඒකක 14,660.45ක් ලෙසින් සටහන් වූ අතර  S&P SL20 මිල දර්ශකය ඒකක 268.51කින් පහළ ගොස් ඒකක 4,264.84ක් ලෙසින් සටහන් විය. 

දිනය තුළ සමාගම් 205ක කොටස් මිල ගණන් පෙර දිනයට සාපේක්ෂව පහළ ගොස් තිබුණු අතර ඒ අතුරින් කොමර්ෂල් බැංකුව, HNB, සම්පත් බැංකුව, මෙල්ස්ටාකෝප් සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් යන සමාගම්වල කොටස් මිල පහළ යාම සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීමට බෙහෙවින් හේතුවුණා.

අද පෙරවරුවේ  S&P SL20 දර්ශකය, පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5%ක ප්‍රමාණයක් ඉක්මවා පහළ ගොස් තිබීම නිසා කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු මිනිත්තු 30ක කාලයක් සඳහා අත්හිටුවීමක් ද සිදු විය. 

එම අවස්ථාවේ දී S&P SL20 දර්ශකය 5.30%ක ප්‍රමාණයක් පහළ ගොස් තිබුණා.

අද දින රු. බිලියන 6.47ක, පසුගිය දිනවලට සාපේක්ෂව ඉහළ පිරිවැටුමක් වාර්තා වී තිබීම විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 43ක් අත්අඩංගුවට

2025 වසරේ මාර්තු මස 25 වනදා සිට අප්‍රේල් මස 07 වනදා දක්වා සිදුකළ සෝදිසි මෙහෙයුම් වලින් නීති විරෝධී ලෙස න් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින්...

SOLAR පැනල වහල මත සවිකර ඇති අයට පණිවිඩියක්

වහල මත සවි කර ඇති සූර්ය පැනල අද (12) පස්වරු 3:00 දක්වා ක්‍රියා විරහිත කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය සූර්ය පැනලය හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. විදුලි...

හාලිඇල ප්‍රදේශයේ තිබී අභිරහස් මළසිරුරු දෙකක් සොයා ගැනේ

හාලිඇල නගරයේදී අභිරහස් ලෙස මියගොස් සිටි නාදුනන තරුණයන් දෙදෙනකු ගේ මළසිරුරු දෙකක් අද (12) සොයා ගත් බව හාලිඇල පොලිසිය පවසනවා. හාලිඇල නගරයේ ත්‍රීරෝද රථ ගාල...

POPULAR ARTICLES

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 43ක් අත්අඩංගුවට

2025 වසරේ මාර්තු මස 25 වනදා සිට අප්‍රේල් මස 07 වනදා දක්වා සිදුකළ සෝදිසි මෙහෙයුම් වලින් නීති විරෝධී ලෙස න් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින්...

SOLAR පැනල වහල මත සවිකර ඇති අයට පණිවිඩියක්

වහල මත සවි කර ඇති සූර්ය පැනල අද (12) පස්වරු 3:00 දක්වා ක්‍රියා විරහිත කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය සූර්ය පැනලය හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. විදුලි...

චීනයෙන් පැමිණිල්ලක්

අමෙරිකානු - චීන වෙළද උණුසුම තවත් තීව්‍ර කරමින් ලෝක වෙළද සංවිධානයට පැමිණිලි කිරීමට චීනය තීරණය කර තිබෙනවා. ඒ අසාධාරණ ලෙස අමෙරිකාව තම රට ආනයනය කරනු...