26.6 C
Colombo
Sunday, March 30, 2025

විදේශිකයින්ට ත්‍රීරෝද රථ ලබාදෙන්නන්ට තද නීති

- Advertisement -

ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණෙන විදෙස් ජාතිකයන් මෙරට දී ත්‍රීරෝද රථ පැදවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසනවා.

කෙසේ නමුත් ඒ හේතුවෙන් පසුගිය කාලසීමාවේදී විදෙස් ජාතිකයන් පදවන ත්‍රීරෝද රථ, මාරක හා බරපතළ අනතුරුවලට ලක්ව ඇති බවට පොලීසියට  නිරීක්ෂණය වී තිබෙනවා.

එහිදී පොලීසියට කරුණු අනාවරණය වී ඇත්තේ, විදේශිකයන්ට ත්‍රීරෝද රථ පැඳවීම සඳහා බලපත්‍ර නොමැති බවයි.

එමෙන්ම ඔවුන්ට ඒ සඳහා නිසි පුහුණුවක් හෝ නොමැති බවට පොලීසිය පවසනවා.

මෙම තත්ත්වය වලක්වාගැනීම හා පාලනයකිරීම සඳහා ගනුලබන පියවරක් ලෙස යම් විදේශිකයෙකු ත්‍රිරෝද රථ පදවන අවස්ථාවකදී, ඔහුට වලංගු බලපත්‍රයක් නොමැති නම් එම රථයේ අයිතිකරු කැඳවා ප්‍රකාශ සටහන් කොට ඔහුට විරුද්ධව අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා.

එමෙන්ම විදේශිකයන් සඳහා වාහන ලබාදීමේදී විශේෂයෙන් ත්‍රීරෝද රථ ලබාදීමේදී මෙරට වාහන පැදවීම සඳහා නිසි වලංගු රියදුරු බලපත්‍රයක් සන්තකයේ තිබේද යන්න නිවැරදිව පරීක්ෂා කර බලා අදාළ වාහන ඔවුන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙස පොලීසිය සංචාරකයන් සඳහා වාහන ලබාදෙන ආයතන හා හෝටල් හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

පොලීසිය නිකුත්කළ අදාළ නිවේදනය පහතින්,

RECENT ARTICLES - SINHALA

මාතලේ රක්ෂිතයකින් T56 ගිනිඅවියක් හමුවෙයි

මාතලේ පොලිස් වසමේ, සුදු ගඟ රක්ෂිතයේ ගමන් මල්ලක දමා සඟවා තිබූ ටී 56 වර්ගයේ ගිනිඅවියක් සහ පතොරම් ගැබ් 02ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. ඊයේ (29)...

දෙවිනුවර ඝාතනට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්

දෙවිනුවර දේවාලය ඉදිරිපිට වෙඩි තබා සිදුකල ද්විත්ව ඝාතනයට අදාළව රැඳවුම් නියෝග ලබා ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර...

පුංචි ඡන්දයට අදාළව පැමිණිලි 180ක් 

මේ දක්වා මැතිවරණ පැමිණිලි 180ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, පසුගිය 20 වැනිදා සිට 28 වැනිදා...

POPULAR ARTICLES