පාලනාධිකාරියට විරෝධය දක්වමින් දෙහිවල සත්වෝද්‍යානයේ වෘත්තීය සමිති සේවකයන් ක්‍රියාත්මක කළ වර්ජනය අවසන් කර තිබෙනවා.
ඊයේ (20) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරු ව බලධාරීන් විසින් විසඳුම් ලබා දෙන බවට පොරොන්දු වීම හේතුවෙන් වර්ජනය සහ සත්‍යග්‍රහය අවසන් කරන බවයි ශ්‍රී ලංකා පොදුජන සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තු සේවක සංගමයේ සභාපති ක්‍රිෂාන්ත ක්‍රිස්ටෝපර් මහතා පවසන්නේ.
රුපියල් පන්දහසේ අතුරු දීමනාව නො ලැබීම, සතුන් මිය යාම සහ රෝගී වීම සම්බන්ධයෙන් පශු වෛද්‍යවරුන් සහ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සොයා නො බැලීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් දෙහිවල සත්වෝද්‍යානය ඉදිරිපිට දී එහි සේවකයන් දින 03ක් පුරා මෙම වර්ජනය සහ සත්‍යග්‍රහය ක්‍රියාත්මක කරනු ලැබුවා.