27.2 C
Colombo
Saturday, November 16, 2024

කැනඩාවෙත් වැඩ වර්ජන

- Advertisement -

වැටුප් ඉහළ දැමීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් කැනඩාවේ තැපැල් වෘත්තිය සමිති වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඊට 55,000ක පමණ පිරිසක් එක්ව සිටින බව වාර්තා වන්වා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඔවුන් දින 3ක් වැඩ වර්ජනයේ නිරත වීමට සැලසුම් කර ඇති බවයි.

ඔවුන් මෙලෙස වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත්තේ වසර 6කින් පසුව දෙවන වරට බව සඳහන් වනවා.

උද්ධමනය සහ ජීවන වියදම ඉහළ යාමට සමගාමීව වැටුප් ඉහළ දමන ලෙසට වැඩ වර්ජනයේ නිරත තැපැල් වෘත්තිකයින් ඉල්ලීම් කරනවා.

එමෙන්ම සේවා කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණය කර දෙන ලෙස දී ඔවුන් ඉල්ලා සිටිනවා.

තැපැල් සේවකයින්ට වසර 4ක් තුළ දී 11.5%ක වැටුප් ඉහළ දැමීමක් ලබා දීමට බලධාරීන් එකඟ වී තිබෙනවා.

කෙසේ වුවද එය ප්‍රමාණවත් නොවන බව වැඩ වර්ජනයෙන් නිරත පිරිසගේ අදහස බව සඳහන් වනවා.

ඔවුන් ඉල්ලීම් කරන්නේ 22%ක් වැටුප් ඉහළ දමන ලෙසටයි.

RECENT ARTICLES - SINHALA

නව පාලනයට උපරිම සහාය දෙනවා – සජිත්

මෙරට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට සූදානම්...

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරවලට නම් කළ හැකි අය ගැන පැහැදිලි කිරීමක්

මැතිවරණයට තරග කළ පැරදුණු අපේක්ෂකයින් හෝ ජාතික ලැයිස්තුවෙන් හැර වෙනත් පුද්ගලයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කිරීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල්...

ඡන්දෙන් තේරුණු මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කෙරේ

2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. 2024 පාර්ලිමේන්තු මැතිවරණය පසුගියදා (14) පැවැත්වුණා. ඒ අනුව, මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම...

POPULAR ARTICLES