පැසිපික් සාගරයේ ෆීජි දූපත් රාජ්‍යයේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
රික්ටර් මාපක 6.5ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූකම්පනය පොළොව මතුපිට සිට කිලෝමීටර 174ක් පමණ අභ්‍යන්තරයෙන් හටගෙන ඇති බව සඳහන් වෙනවා.
එරට වේලාවෙන් අද (14) පෙරවරු 8.00ට පමණ මෙම භූකම්පනය හටගෙන තිබුණා
කෙසේවෙතත්, විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ භූකම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බවයි.