5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව අද (27) සිට ආරම්භ වනවා.
විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉල්ලුම් කිරීමේ හැකියාව පවතින බවයි.
2024 වසරට අදාළව පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පසුගිය බ්‍රහස්පතින්දා නිකුත් කෙරුණා.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, අද සිට පෙබරවාරි මස 06 වෙනිදා දක්වා ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ඉල්ලුම් කළ හැකි බවයි.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,
“මේක නැවත සමීක්ෂණයක් නෙමෙයි. අභියාචනා සලකා බැලීමක්. අපේක්ෂකයින්ගෙන් මුදල් අයකරලා කරන ක්‍රියාවලියක්. මේක එහෙම නෙමෙයි. විදුහල්පතිවරුන් විසින් ඉදිරිපත් කරන අභියාචනා සලකා බැලීමක් කරන්නේ. ඒ නිසා විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා ඇදහිය නොහැකි ප්‍රතිඵලයක් සම්බන්ධයෙන් පමණක් අභියාචනා ඉදිරිපත් කරන්න කියලා.”