26.6 C
Colombo
Sunday, March 30, 2025

සිරි දළදා දැක්ම යොදා මූල්‍ය වංචාවක් කළ බවට සුදත්තට චෝදනා

- Advertisement -

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සුදත්ත තිලක්සිරි නැමැත්තා ‘සිරි දළදා දැක්මට’ පහසුකම් සැපයීමට බව පවසමින් සංවිධානයක් පිහිටුවාගෙන මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවට චෝදනා කරමින් පාර්ශ්ව කිහිපයක් අද (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි සහ කරුණු ඉදිරිපත් කර තිබුණා.

ඔවුන් ඉල්ලා සිටින්නේ මෙම වංචාවට සම්බන්ධ වූවන් කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙසයි.

ප්‍රගතිශීලී තරුණ ව්‍යාපාරයේ නියෝජිතයින් පිරිසක් මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැමිණිල්ලි කර තිබෙනවා.

ලබන මස ආරම්භ වීමට නියමිත මෙම සිරි දළදා දැක්මට පැමිණෙන සැදැහැවතුන්ට වැසිකිළි පහසුකම් සැපයීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව පවසමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වන සුදත්ත තිලකසිරි නැමැත්තා පුද්ගලයින්ගෙන් මුදල් එක්රැස් කරමින් මූල්‍ය වංචාවක් සිදුකර ඇතැයි ඔවුන් වැඩිදුරටත් චෝදනා කරනවා.

මේ අතර ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න මහතාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද පෙනී සිටියා.

ඒ මීට අදාළව ප්‍රකාශයක් ලබාදෙන්නැයි එම දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය කළ දැනුම්දීමකට අනුවයි.


RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දයට අදාළව පැමිණිලි 180ක් 

මේ දක්වා මැතිවරණ පැමිණිලි 180ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, පසුගිය 20 වැනිදා සිට 28 වැනිදා...

අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් අද (30) පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය...

මුස්ලිම් පාසල්වලට ලැබෙන නිවාඩුව ගැන දැනුම්දීමක්

රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබා දීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ එළැඹෙන 31 වැනි දිනට අමතරව...

POPULAR ARTICLES

පුංචි ඡන්දයට අදාළව පැමිණිලි 180ක් 

මේ දක්වා මැතිවරණ පැමිණිලි 180ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, පසුගිය 20 වැනිදා සිට 28 වැනිදා...

අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් අද (30) පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය...

රනිල් සර් ගැන කියමින් දොඩම්පහළ අඬාවැටෙයි (වීඩියෝ)

රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් පැවති දානමය පින්කමකදී දොඩම්පහළ රාහුල හිමියන් කළ ප්‍රකාශයක් පිළිබඳව පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් මතුව තිබුණා. එහිදී...