ස්වර්ණවාහිනී නාලිකාවේ විධායක අධ්‍යක්ෂ්‍යවරයා ලෙස කටයුතු කළ සුදේව හෙට්ටිආරච්චි මහතා එම තනතුරින් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ අනුව සිය ඉල්ලා අස්වීමට අදාළ ලිපිය අද (04) උදෑසන ආයතනය වෙත භාරදීමට ඔහු කටයුතු කර තිබුණා.
මීට පෙර ඔහු ගෝඨාභය රාජපක්ෂ රජයේ ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළා.
එම තනතුරට පත්වීමට පෙර සුදේව හෙට්ටිආරච්චි මහතා හිරු ප්රවෘත්ති අංශයේ ප්රවෘත්ති අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළා.
මේ අතර රංගන ද සිල්වා මහතාද එළැඹෙන දින කිහිපයේදී එම ආයතනයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.