26.4 C
Colombo
Friday, March 14, 2025

වවුනියාවාටත් රජයෙන් සීනි කම්හලක්

- Advertisement -

වසරකට මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක් නිෂ්පාදනය කළ හැකි සීනි කර්මාන්ත ශාලාවක් වවුනියාව දිස්ත්‍රික්කයේ ආරම්භ කිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සූදානම් වන බව වාර්තා වනවා.

සීමාසහිත සුටෙක් ෂුගර් ඉන්ඩස්ට්‍රි පෞද්ගලික සමාගම සහ කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඒකාබද්ධව ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක වනු ඇති.

මේ සඳහා ශක්‍යතා අධ්‍යයනයක් කර උක් වගාව කිරීම සඳහා ඉඩම් හඳුනාගෙන කර්මාන්ත ශාලාව ඉදිකිරීමට සැලසුම්කර තිබේ.

ශ්‍රී ලංකාවේ වාර්ෂික සීනි පරිභෝජනය මෙට්‍රික්ටොන් හයලක්ෂ පනස්දහසකි (650,000).

මෙම වර්ෂයේදී පැල්වත්ත, සෙවණගල, ගල්ඔය හා ඇතිමලේ සීනි කර්මාන්ත ශාලාවලින් මෙට්‍රික්ටොන් ලක්ෂයක නිෂ්පාදනයක් කිරීමට සැලසුම් කර ඇත.

එය මෙරට සමස්ත සීනි පරිභෝජනයෙන් සියයට පහළොවකි. දේශීය අවශ්‍යතාවයෙන් සීයයට අසූපහක්ම ආනයනික සීනි වන අතර ඒ සඳහා වැය කරන මුදල රුපියල් බිලියන හතලිහකි.

RECENT ARTICLES - SINHALA

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා මෙතෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි ලබානොගත් අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව, අදාළ විභාග...

ග්‍රාම නිලධාරිනියන් අද සිට රාත්‍රී සේවාවලින් ඉවතට

ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් අද (14) දිනයේ සිට සියලු ග්‍රාම නිලධාරිනියන් රාත්‍රී කාලයේ සේවාවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසනවා. එහි කොළඹ...

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වී තිබෙනවා. පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේදී මෙම දුම්රිය කාර්මික දෝෂයකට ලක්වී ඇති බව වාර්තා වනවා. පානදුරේ සිට...

POPULAR ARTICLES