24 C
Colombo
Sunday, November 17, 2024

සුමන්තිරන්ගේ විශේෂ ආරක්ෂාව ඉවතට

- Advertisement -

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා හට ලබාදී තිබූ පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාව හදිසියේම ඉවත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා පවසන්නේ කිසිදු පෙර දැනුම්දීමකින් තොරව තමන්ට ලබාදී තිබූ පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාව ඉවත් කර ඇති බවයි.

සුමන්තිරන් මහතා හට මරණ තර්ජන ඇති බවට හෙළිවීමත් සමග ඔහුට පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාව ලබාදීමට කටයුතු කර තිබූ අතර මෙලෙස නොදන්වා ඉවත්කර ඇත්තේ එලෙස ලබාදී තිබූ විශේෂ ආරක්ෂාවයි.

කෙසේ වෙතත් තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සදහා ලබාදෙන පොලිස් ආරක්ෂාව නොවෙනස්ව ලැබෙනවා.

RECENT ARTICLES - SINHALA

ලැබුණු බලය අවභාවිතා කරන්න එපා – සජිත්

මහ මැතිවරණයේදී බහුතර ආසන ප්‍රමාණයක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබූ ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයට සුබ පැතුම් එක්කරන බව...

පිපිරීමකින් තරුණයෙක් මරුට

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම්හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි වැදී ගරාජය...

උසස් පෙළ උපකාරක පන්ති ගැන දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ අනිද්දා (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම...

POPULAR ARTICLES