26 C
Colombo
Saturday, March 29, 2025

සුමේධ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරලා

- Advertisement -

හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව යළි තමා සතුකර ගැනීමට සුමේධ රණසිංහ අද (09) සමත්වුණා.

දියගම පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ දෙවන අදියරේදී ඔහු මෙම දක්ෂතාව දක්වා තිබෙනවා.

එහිදී සුමේධ මීටර 85.78ක දක්ෂතාවක් දැක්වීමට සමත්වුණා.

ඔහු විසින් බිදහෙලනු ලැබුවේ 2024 වසරේදී රුමේෂ් තරංග මීටර් 85.45ක දක්ෂතාවක් දක්වා පිහිටුවා තිබූ ශ්‍රී ලංකා වාර්තාවයි.

මේ අතර සුමේධ රණසිංහ අද දැක්වූ දක්ෂතාවයත් සමග ඔහු එළැබෙන සැප්තැම්බර් මස ජපානයේ ටෝකියෝ හිදී පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා ශූරතාවලියට ඍජුව සුදුසුකම් ලබා ගත්තා.

ඔහු ලෝක මලල ක්‍රීඩා සම්මේලනය 2019 වසරේදී ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලැබීමේ රෙගුලාසි සංශෝධනය කිරීමෙන් අනතුරුව, ඒ සදහා ඍජුව සුදුසුකම් ලැබූ ⁣පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙසද වාර්තා අතරට එක්වුණා.

RECENT ARTICLES - SINHALA

මීරිගම – කඩවත අධිවේගයේ වැඩ කඩිනම් කරන්න උපදෙස්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ  ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ හා නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක්...

කරන්නාගොඩ පෙත්සම් විභාගයෙනුත් විනිසුරුවරුන් 2ක් ඉවතට

අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා සම්බන්ධ පෙත්සම් විභාගයෙන් තමන් ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු අද (28) දැනුම් දුන්නා. මෙලෙස ඉවත් වූයේ දිලිප්...

ළමුන් සම්බන්ධ අසභ්‍ය දර්ශන බෙදූ අයෙක් අත්අඩංගුවට

ළමුන් සම්බන්ධ අසභ්‍ය දර්ශන සමාජ මාධ්‍ය ජාලා හරහා බෙදා හරින ලද සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශයේ NCMEC...

POPULAR ARTICLES

ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලානය ලංකාවේදී

ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය මෙවර ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතයි. 12 වැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලිය සැප්තැම්බර් මස 27වනදා සිට ඔක්තොබර් මස 5වනදා දක්වා...