27 C
Colombo
Tuesday, September 3, 2024

සුනිල් තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට බය උනේ නෑ – අගමැති මහින්ද

- Advertisement -

සුනිල් පෙරේරා යනු තමන් විශ්වාස කරන අදහස් උදහස් වෙනුවෙන් පෙනී සිටීමට කිසි විටක පසුබට නොවූ පුද්ගලයෙකු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතාගේ අභාවය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කරමින්.

ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා මහතා මෙරට සංගීත ක්ෂේත්‍රයෙහි ප්‍රබල භූමිකාවක් නිරූපනය කළ බවත් ඔහුගේ අභාවය පිළිබඳ අසා තමන් මහත් සේ කණගාටුවට පත් වූ බවත් අග්‍රාමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා සිටිනවා.

මෙරට ප්‍රාසාංගික වේදිකාවට සුනිල් පෙරේරා නොමැති අඩුව තදින්ම දැනෙනු ඇති නමුත් සිය සංගීත නිර්මාණ ඔස්සේ හැමදාමත් ඔහු අප අතර ජීවමාන වනු ඇති බවත් ඒ මහතාගේ අභාවය නිසා ශෝකයට පත් පවුලේ සැමටත් රසික ජනතාවටත් සිය සංවේගය ප්‍රකාශ කරන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජප්ක්ෂ මහතාද සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා සිටින්නේ කණ්ඩායම් සංගීතයේ නව පෙරළියක් ඇති කරමින්, අදටත් එක සේ ජනප්‍රිය ගීත රැසක් ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට දායාද කළ ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතාගේ අභාවය පිළිබඳව තමන් සිය සාතිශය සංවේගය ප්‍රකාශ කර සිටින බවයි.

කොරෝනා ආසාදිත ව ප්‍රතිකාර ලබමින් සිට සුව වී නිවසට පැමිණි ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතා, නැවත මතු වූ සංකූලතාවක් හේතුවෙන් මීට දින තුනකට පෙර රෝහල්ගත කරනු ලැබුවා. අසාධ්‍ය තත්ත්වයේ පසූ වූ ඔහු මෙලොවින් සමුගත් බව ඔහුගේ පවුලේ සාමාජිකයින් දැනුම් දුන්නේ අද දින අලුයමදීයි.

කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ පෙරගමන්කරුවෙකු වූ ජිප්සීස් කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා තමාටම ආවේණික වූ ශෛලයකින් කටහඬ මෙහෙයවමින් ජනහද දිනා ගැණීමට සමත් විය.

ලුණු දෙහි, පාවෙන පීරිසියක්, තාත්තා මට ඇනපු ටොක්ක, පිටි කොටපන්, සයිමා කට්වෙලා, අංකල් ජොන්සන් වැනි ජනප්‍රිය ගීත අදටත් ඔහුගේ හඬ පෞරුෂත්වය ජීවමාන කිරීමට සමත් වේ.

RECENT ARTICLES - SINHALA

රනිල් එක්ක ඉන්න වීඩියෝ එක ගැන මරික්කාර්ගෙන් පිළිතුරක්

මීට මාස ගණනකට පෙර පක්ෂයේ හිතවතෙකුගේ අවමංගල්‍යයට සහභාගී වන අතරතුර  සිදුවූ කතාබහක් සංස්කරණය කරමින් තමාව දේශපාලන මඩගැසීමකට ලක් කර ඇති බව සමගි ජන බලවේගයේ...

කාමරයක් ඉල්ලා රියදුරන් දෙදෙනෙක් දුම්රිය ධාවනයෙන් ඉවත් වෙලා

කොළඹ කොටුවේ සිට අවිස්සාවේල්ල දක්වා සවස් කාලයේ ධාවනය වන කාර්යාල දුම්රියන් ඊයේ (02) ධාවනය නොවීම සම්බන්ධයෙන් ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනේරු සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

ලංකාව හා ඔස්ට්‍රියාව බදු ගිවිසුමකට අත්සන් කරලා

ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ රාජ්‍ය මූල්‍ය පැහැර හැරීම හා මග හැරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ඔස්ට්‍රියානු රජය අතර වන සම්මුතිය අත්සන් කිරීම...

POPULAR ARTICLES

යුද හමුදාවේ අටක් අත්අඩංගුවට

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ තැපැල් දුම්රිය තුළදී මෙන්ම බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේදී කලහකාරී ලෙස හැසිරුණු යුද හමුදා සෙබළුන් අට දෙනකු බණ්ඩාරවෙල පොලිසිය මගින්...

වැසි තත්වය ගැන කාලගුණයෙන් නිවේදනයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා...

සයිනොපෙක් ඉන්ධන මිලෙත් වෙනසක්

සයිනොපෙක් සමාගමේ ඉන්ධන මිල ගණන්ද වෙනස් කර තිබෙනවා. වෙනස් කෙරුණු සිපෙට්කෝ ඉන්ධන මිලට සයිනොපෙක් සමාගමේ ඉන්ධන මිලද සමාන කර තිබෙනවා. ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක...