31 C
Colombo
Sunday, January 5, 2025

සුසන්තිකාත් රට හැර ගිහින්

- Advertisement -

ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ සිය දරුවන් දෙදෙනා සමඟ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීමට සූදානම් බව වාර්තා වනවා.

මීට මාස දෙකකට පමණ පෙර ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇති ඇය, යළි මෙරටට පැමිණීම අවිනිශ්චිත බව වාර්තා වන අතර ඇයගේ දරුවන්ගේ අධ්‍යාපනයට සහ අනාගතයට මුල්තැන දීම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමේ අරමුණ බවයි පැවසෙන්නේ.

සුසන්තිකාගේ සමකාලීන මලල ක්‍රීඩිකාව, ආසියානු පදක්කම්ලාභී සහ ඔලිම්පික් ක්‍රීඩිකා දමයන්ති දර්ශා ද මීට වසර කිහිපයකට පෙර සිය පවුල සමඟ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණා.

මේ වන විට 49 හැවිරිදි වියේ පසුවන සුසන්තිකා ජයසිංහ 2000 වසරේ සිඩ්නි ඔලිම්පික් උළෙලේ දී මීටර් 200 ඉසව්වේ රිදී පදක්කම දිනාගත් අතර, ඩන්කන් වයිට්ගෙන් පසු ඔලිම්පික් පදක්කමක් දිනූ දෙවන ශ්‍රී ලාංකිකයා සහ ස්ප්‍රින්ට් ඉසව්වකින් ඔලිම්පික් හෝ ලෝක ශූරතා පදක්කමක් දිනූ පළමු ආසියානු කාන්තාවයි.

ඇය කෙටි දුර ධාවන ඉසව්වලින් ඔලිම්පික් පදක්කමකට හිමිකම් කී එකම ආසියානු ක්‍රීඩිකාව වන අතර ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී පදක්කමක් දිනූ පළමු සහ එකම ශ්‍රී ලාංකිකයා ද වනවා.

සුසන්තිකා 1996, 2000 සහ 2008 දී අවස්ථා තුනකදී ඔලිම්පික් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර ඇයව හැඳින් වූයේ ආසියාවේ කළු වෙළෙඹ යන ආදරණීය නාමයෙන්.

RECENT ARTICLES - SINHALA

වනඅලින්ට කරපටියක්

අනුරාධපුර ප්‍රදේශ කිහිපයක සිටින වන අලි විල්පත්තුව දක්වා පන්නා දැමීමේ මෙහෙයුම් සඳහා GPS තාක්ෂණය යොදාගැනීමට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව වනඅලින්ට GPS තාක්ෂණය...

ආනන්ද පාලිතට එරෙහිව මිලියන 500ක එන්තරවාසියක්

සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති නායකයකු වන ආනන්ද පාලිත මහතා විසින් සිදුකර ඇති ප්‍රකාශයක් හේතුවෙන් සිය කීර්ති නාමයට හානි සිදුවූ බව කියමින් රුපියල් මිලියන...

උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළට

වසර 11 ක් තුළ මෙරට උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය සඳහන් කළේ,...

POPULAR ARTICLES