26.8 C
Colombo
Sunday, April 6, 2025

15 හැවිරිදි දැරිය අන්තර්ජාලය ඔස්සේ විකුණූ සැකකරු අත්අඩංගුවේ

- Advertisement -

නව යොවුන් වියේ පසුවන 15 හැවිරිදි දැරියක් ලිංගික ජාවාරම සඳහා යොදාගත් 35 හැවිරිදි පුද්ගලයෙකු ගල්කිස්ස ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා විසින් අන්තර්ජාලය ඔස්සේ විවිධ පුද්ගලයින් වෙත දැරිය මුදලට විකුණා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මාස තුනක කාලයක් තිස්සේ විවිධ පුද්ගලයින්ට දැරිය විකුණා ඇති බවත් ඒ සඳහා ඔහු විසින් ගල්කිස්ස ප්‍රදේශයේ මහල් නිවාසයක් කුලියට මිලදී ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන ලදී.

දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි දැරියගේ මවගෙන් දැරිය ලබා ගෙන ඇති අතර පොලිසිය අදාළ කාන්තාවගෙන් මේ පිළිබඳ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

සැකකරු ඊයේ (8) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයේ තබා තිබේ.

මෙම කාලය තුළ සැකකරු සමඟ කටයුතු කළ අය හඳුනාගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන ලදී.

RECENT ARTICLES - SINHALA

අගමැති මෝදි 96 ලෝක ශූරයින් හමුවෙයි 

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ 1996 වසරේ ලෝක කුසලානය දිනාගත් ඉතිහාසගත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් අද (05) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුව තිබෙනවා. ඒ පිළිබඳව සිය...

දඹුල්ල කෘෂි ගබඩාවේ නම වෙනස් කළාට හර්ෂ පුදුමයෙන්

පශ්චාත් අස්වනු නාස්තිය අවම කිරීමේ අරමුණින් ඉදි කෙරුණු දඹුල්ල උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව අද (05) විවෘත කෙරුණා. ඒ,  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනපති අනුර...

මෝදිට හූ කියලා

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (05) රථ පෙළපාලිය සමඟ නෙළුම් පොකුණ අසල මාර්ගයේ ගමන් ගන්නා අවස්ථාවේදී පෙරටුගාමි...

POPULAR ARTICLES