30 C
Colombo
Friday, April 25, 2025

හික්කඩුවේ වෙඩිතැබීමට සැකකරුවෙක් අත්අඩංගුවට

- Advertisement -

හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේදී අඹුසැමි යුවළකට වෙඩිතබා එහි පිරිමි පුද්ගලයා ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශනවලට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පවසන්නේ, පසුගිය 03 වනදා රාත්‍රියේ මාර්ගය අසල රැඳී සිටි කාන්තාවකට හා පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙලෙස වෙඩිතබා තිබූ බවයි.

එම වෙඩිතැබීමෙන් පිරිමි පුද්ගලයා මියගිය අතර කාන්තාව තුවාල ලබා තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලීසිය හා ගාල්ල අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන පවත්වනු ලබනවා.

ඒ අනුව මෙම වෙඩිතැබීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු ඊයේ (07) නීතිඥයෙකු මාර්ගයෙන් ගාල්ල අපරාධ කොට්ඨාසය වෙත ඉදිරිපත් වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 26ක් වන දොඩම්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුව අද ගාල්ල  මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දින 01ක් රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර ගාල්ල අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
 
RECENT ARTICLES - SINHALA

IMF එකෙන් අලුත් ආණ්ඩුවට සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්‌ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරින් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබෙනවා. ඒ අනුව, IMF හි විස්තීර්ණ අරමුදල් පහසුකම...

Breaking: දේශබන්දුට අද නඩුවේ දීපු තීන්දුව

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනු කරන ලද පැමිණීල්ලකට අදාළව දේශබන්දු තෙන්නකෝන් සහ අනෙක් සැකකරු මුදා...

ව්‍යාජ පුවතක් ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්

සිරි දළදා වන්දනා රාජකාරි අතරතුර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මියගොස් ඇති බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ප්‍රවෘත්තියේ සත්‍යතාවයක් නොමැති බව මහනුවර ප්‍රදේශය භාර උසස්...

POPULAR ARTICLES