නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ වියළි කහ කිලෝග්‍රෑම් 1,142යි ග්‍රෑම් 700ක ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඒ, කල්පිටිය, නොරෝච්චෝලේ දළුව ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.
මෙම නීතීවිරෝධී කහ තොගය සමඟ එය ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 27ක් වන මදුරන්කුලිය ප්‍රදේශයෙහි පදිංචිකරුවෙක්.
අදාළ කහ තොගය උර 31ක අසුරා කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදීයි සැකකරු එලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.
නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවේ, සැකකරු සම්බන්ධ වැඩිදුර විමර්ශන කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදුන් බවයි.