26.3 C
Colombo
Saturday, March 15, 2025

වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධියේ සැකකරු රිමාන්ඩ්

- Advertisement -

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ලබන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු ලබන 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

එදිනට සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට ද අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්, මීළඟ නඩු දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර මහතාට තව දුරටත් නියෝග කළා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කළේ ගල්නෑව නව නගරයේ ඩී.3 ඇල පාර පදිංචිකරුවෙකු වන නිලන්ත මඳුරංග රත්නායක නමැති හිටපු යුද හමුදා සෙබළෙකු මෙන්ම චීවරධාරියෙකු ලෙස සිටි පුද්ගලයෙක්.

මෙම අපරාධය සිදුකිරීමෙන් අනතුරුව සැකකරු පොලීසිය හා විශේෂ කාර්ය බළකා ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු ලැබුවේ ගල්නෑව නිදිකුම්භායාය ප්‍රදේශයේදීයි.

මේ අතර මෙම සැකකරුට නවාතැන් පහසුකම් ලබාදෙමින් රැකවරණය ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුගේ වැඩිමහල් සොහොයුරිය ද මෙලෙස 17වනදා දක්වා රිමාන්ඩ්  භාරයට පත්කර සිටිනවා.

සැකකරු විසින් පැහැරගත් වෛද්‍යවරියගේ ජංගම දුරකථනය සොයා ගැනීමට මෙතෙක් පොලිස් කණ්ඩායම්වලට නොහැකි වී තිබෙනවා.

දුරකථනය සෙවීමේ විමර්ශන අතරතුරු ඊයේ (13) සැකකරුගේ නිවසේ සිදුකල පරීක්ෂා කිරීමකදී පාත්තරයක් තුළ සඟවා තිබූ ජීව අත්බෝම්බයක්, සිවුරක් සහ වටාපතක් සොයාගෙ ඇති අතර ඒ සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් එම්  ජයවීර මහතාගේ උපදෙස් මත, ළමා හා  කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා නිසානි සෙනවිරත්න මහත්මියගේ මෙහෙයවීම යටතේ උප පොලිස් පරීක්ෂක  ඒ.සී දයානන්ද සහ සැරන් රංජිත් යන මහත්වරුන් පෙනී සිට තිබෙනවා. 

සැකකරු වෙනුවෙන් කිසිදු නීතිඥයෙකු පෙනී සිට නැහැ.

RECENT ARTICLES - SINHALA

රේගු පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි 3කට අධික වටිනාකමින් යුත් කංසා තෙල් පාර්සලයක් නිදහස් කරගැනීමට උත්සාහ කළ රේගු පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අමෙරිකා එක්සත් ජනපදයේ සිට මාලඹේ ප්‍රදේශයේ...

ඝාතනය කළ මළසිරුරු දෙකක් හමුවේ

කපා කොටා ඝාතනය කරන ලද සහෝදරයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගත් බව පොලීසිය පවසනවා. මෙම මළසිරුරු අද (15) උදෑසන සොයාගෙන තිබුණේ ග්‍රෑන්ඩ්පාස් කැලණිතිස්සගම ප්‍රදේශයේදීයි. පොලීසිය...

බන්ධනාගාර බස් රථයක් අනතුරක – රැඳවියන් දෙදෙනෙකුට තුවාල

බද්දේගම දෙස සිට ගාල්ල දෙසට ගමන්ගත් බන්ධනාගාර බස් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. පොලීසිය පැවසුවේ, නාගොඩ පොලිස් වසමේ උඩුගම...

POPULAR ARTICLES

රේගු පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි 3කට අධික වටිනාකමින් යුත් කංසා තෙල් පාර්සලයක් නිදහස් කරගැනීමට උත්සාහ කළ රේගු පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අමෙරිකා එක්සත් ජනපදයේ සිට මාලඹේ ප්‍රදේශයේ...

ඝාතනය කළ මළසිරුරු දෙකක් හමුවේ

කපා කොටා ඝාතනය කරන ලද සහෝදරයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගත් බව පොලීසිය පවසනවා. මෙම මළසිරුරු අද (15) උදෑසන සොයාගෙන තිබුණේ ග්‍රෑන්ඩ්පාස් කැලණිතිස්සගම ප්‍රදේශයේදීයි. පොලීසිය...

ඒ අපරාධ වාර්තාකරණය කැතයි – සරෝජා පෝල්රාජ්

අපරාධය වාර්තා කිරීමේදී ඇතැම් මාධ්‍ය නාලිකා අවම සදාචාරයවත් ආරක්ෂා කර ගැනීමට අපොහොසත් වී ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය...