30 C
Colombo
Wednesday, December 25, 2024

වැඩතහනමට ලක්වූ ලංවීමේ පිරිසක් යළි සේවයට

- Advertisement -

ඉකුත් රජය සමයේ විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට එරෙහි උද්ඝෝෂණවලට සහභාගිවී වැඩතහනමට ලක් වු ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් හැටදෙදෙනෙකු සියලු වරප්‍රසාද සහිතව යළි සේවයේ පිහිටුවා තිබෙනවා.

ඒ වත්මන් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ විශේෂ නියෝගයකට අනුවයි.

ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට සැරසෙන බව පවසමින් එහි වෘත්තිය සමිති පසුගිය ජනවාරි මාසයේදි උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළා.

විදුලිය සැපයීම අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත්කර තිබියදීත්, පාරිභෝගිකයන් අපහසුතාවට පත් කරමින් රාජකාරිය සිදුකිරීමෙන් වැළකී සිටි සේවකයින්ට එරෙහිව පියවර ගන්නා ලෙස එවක විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා නිලධාරීන්ට උපදෙස් දි තිබුණා.

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් හැටදෙදෙනෙකුගේ සේවය තහනම් කෙරුණා.

කෙසේ වෙතත් වත්මන් රජයට බලයට පත්වීමෙන් පසු බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ විශේෂ නියෝගයක් මත එම සේවකයින් යළි සේවයේ පිහිටුවීමටත්, අහිමි කර තිබු වරප්‍රසාද යළි ලබාදීමට මෙන්ම දඬුවම් මාරු අවලංගු කිරීමටත් කටයුතු කර තිබෙනවා.

එමෙන්ම එම සේවකයින් අද (24) බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ද හමුවුණා.

RECENT ARTICLES - SINHALA

දක්ෂිණ අධිවේගයේ බෑවුමකට ලොරියක් පෙරලිලා

ඩොලමයිට් තොගයක් පටවාගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වු තට්ටු ලොරියක් කහතුඩුව පිවිසුම ආසන්නයේ කිලෝමීටර් 6 කණුව අසලදී ආරක්ෂිත වැටේ ගැටී අඩි 30ක් පමණ බෑවුමට...

තෙරපිවරයෙක් විදියට ඇවිත් දොස්තරට සුද්දයක් දීලා

පෞද්ගලික රෝහලක වෛද්‍යවරයකු අන්තර්ජාලයෙන් සිදු කළ ඇනයුමක් අනුව නාරහේන්පිට මළලසේකර මාවතේ නිවසකට තෙරපීවරයකු වේශයෙන් පැමිණි පුද්ගලයකු වෛද්‍යවරයා මත්කර දියමන්ති ආභරණ ඇතුළු රුපියල් මිලියන 20...

මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යකර සිටි සැකකරුවන් දෙදෙනෙක් මාට්ටු

මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යකර සිටි සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (24) අත්අඩංගුවට ගත්බව පොලීසිය පවසනවා. මේ මස 22 වනදා මාදම්පේ පොලිස් වසමේ දෙමටපිටිය ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු අතර...

POPULAR ARTICLES