24 C
Colombo
Tuesday, November 5, 2024

සිස්ටම් චේන්ජ් වුණේ ජනතා විමුක්ති පෙරමුණේ විතරයි – සජිත්

- Advertisement -

නිර්ධන පන්තියේ යැයි පවසන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දී‍ තිබෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මට්ටක්කුලියේදී පැවති ජනහමුවකදී ඔහු මේ බව සඳහන් කර සිටියා.

වත්මන් ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණයේ දි අපේක්ෂකයකු ලෙස වේදිකාවක් වේදිකාවක් පාසා රටේ ජනතාවට විශාල බලාපොරොත්තු දුන් බවත් ක්‍රමයේ වෙනසක් කරන බව පැවසුවද අද වන විට ක්‍රමයේ වෙනසක්ද සිදුව නොමැති බව සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියා.

රටේ ක්‍රමවේදයේ වෙනසක් වෙනුවට ඔහුගේ පක්ෂය, ලාංඡනය, කණ්ඩායම සහ සමාජ මාධ්‍ය කණ්ඩායමේ වෙනසක් සිදුව තිබෙන බව ඔහු සිය අදහස් දක්වමින් පැවසුවා.

තවද ප්‍රේමදාස මහතා සඳහන් කළේ බලයට පැමිණි පසු විදුලි බිල , තෙල් මිල, අත්‍යාවශ්‍ය ආහාරවල මිල අඩු කිරීම, පාස්පෝට් පෝලිම් නැති කිරීම හා බදු අඩු කරනවා යැයි පැවසුවද මේ කිසිවක් සිදු නොවු බවයි.

බඩු මිල හෝ හාල් පොල් මිලවත් අඩු කරන්න ඔහුට නොහැකි වූ බවත් මේ වන විට පොල් පෝලිම් නිර්මාණය වී ඇති බව පෙන්වා දුන් ප්‍රේමදාස මහතා විපක්ෂයේ සිටියදී ඉන්ධන මිල සූත්‍රයට බැන බැන සිට අද එම මිල සූත්‍රයම උපයෝගී කර ගනිමින් ධනපතියන් භාවිත කරන සුපිරි තෙල්වල මිල පමණක් අඩු කර ඇති බවත් සාමාන්‍ය ජනතාව භාවිත කරන තෙල්වල මිල අඩු නොකර ඇති බවත් අවධාරණය කළා.

මාධ්‍යයටද බලපෑම් කරන ජනාධිපතිවරයා ඒකාධිපති රංගනයක නිරත වන බවත් ඒකාධිපති නොවී ජනතාව වෙනුවෙන් දුන් පොරොන්දු ඉටු කරන ලෙස ඉල්ලා සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

ඉන්ධන මිල සංශෝධනය ගැන තෙල් සංස්ථාවෙන් හෙළිදරව්වක්

ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය හා සම්බන්ධ වෙනත් සමාගම් සමග එළැඹ ඇති ගිවිසුම් හේතුවෙන් මිල සංශෝධනයේදී ස්වාධීනව තීන්දු ගැනීමට නොහැකි වී තිබෙන බව ලංකා ඛණිජ තෙල්...

ඇඹිලිපිටියෙන් සොයාගත් ගිනිඅවි

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අද (04) ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකින් අවි ආයුධ සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී සැකකරු සතුව තිබී AK...

දයාසිරිගේ වට්සැප් එකත් හැක් කරලා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ වට්සැප් ගිණුම ද මේ වනවිට හැක්කර තිබෙන බවට තොරතුරු වාර්තා වනවා. News 19 අප කළ සොයා බැලීමකදී ඒ මහතා...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටවීම ගැන කළ CID පරීක්ෂණවල දැන් තත්වය

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කළ විමර්ශනය පිළිබඳ නිරීක්ෂණ දෙන ලෙස පැමිණිලිකරුවන්ට දැනුම් දී තිබෙනවා. මානව හිමිකම්...

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නොවැම්බර් මාසය සඳහා නොවෙනස්ව පවතින බව එහි සභාපති වන්න ගුණවර්ධන පවසනවා. 2024 නොවැම්බර් මාසයට අදාලව දැනට පවතින මිළ ගණන් එලෙසම...

පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඔයා අබාන්ස් එකේද? – රනිල්

පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයින් තේරිම ජනතාවට අයිති වැඩක් බවත්, පාර්ලිමේන්තු සුද්ද කරනවා යනුවෙන් තර්ජනය කිරීම අගමැතිනියට යුතු නොවන බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහනුවරදී...