චීනය තමන්ට අඛණ්ඩව හිරිහැර කරන බවට තායිවානය චෝදනා කරයි.
තායිවානයේ මෙම චෝදනාවට හේතුවී ඇත්තේ චීනය විසින් දිනක් තුළ ගුවන් යානා 24ක් යොදාගෙන තායිවාන ගුවන් සීමාව ආක්‍රමණය කිරීමයි.
පසුගිය බ්‍රහස්පතින්දා කණ්ඩායම් දෙකක් ලෙස අවස්ථා දෙකකදී චීන ගුවන් හමුදාවේ යානා තම ගුවන් සීමාව ආක්‍රමණය කළ බව තායිවානය පවසයි.
මෙහිදී චීන බෝම්බ භාරක ගුවන් යානා, ප්‍රහාරක යානා, සබ්මැරීන් නාශක ගුවන් යානා, අනතුරු ඇගවීමේ යානා සහ පාලන යානා දකුණු දිග තායිවාන ගුවන් සීමාව ආක්‍රමණය කර ඇති බව එරට වාර්තා සදහන් කරයි.
මෙය පසුගිය දෙවසරක කාලය තුළ චීනය විසින් බරපතල ලෙස තායිවානය ගුවන් සීමාව ආක්‍රමණය කළ තුන්වන අවස්ථාව ලෙස සැළකේ.