චීන ගුවන් හමුදාවට අයත් යානා 19 තම ගුවන් සීමාවට අනවසරයෙන් ඇතුළු වූ බව තායිවානය ප්‍රකාශ කර තිබේ.
Y08 වර්ගයේ සබ්මැරීන් නාශක ගුවන් යානයක් ඇතුළු විවිධ වර්ගයේ චීන ප්‍රහාරක ගුවන් යානා මේ අතර වූ බව තායිවානය සදහන් කරයි.
මේ සමගම තායිවාන ගුවන් හමුදාවේ යානාද මෙය සිදුවූ ගිණිකොණදිග ගුවන් කලාපයට යවා ඇති අතර, පසුව චීන ගුවන් යානා තායිවාන ගුවන් කලාපයෙන් ඉවත්ව ගොස් තිබේ.
චීනය සිය ගුවන් සහ නාවික යාත්‍රා වරින්වර මෙලෙස තායිවාන ගුවන් සහ මුහුදු සීමා වෙත යොමු කරන අතර මෙය අන්තර්ජාතික ප්‍රජාවේ දැඩි විරෝධයට හේතුවී ඇත.
ඇතැම් විචාරකයන් සදහන් කරන්නේ චීනයේ උත්සහය වී ඇත්තේ තායිවානය ගැටුමකට ඈදාගැනීම හරහා එහි බලය තහවුරු කරගැනීම බවයි.