තායිවානය සිය ආරක්ෂක වියදම් විශාල ලෙස ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.
යුආන් පුවත් සේවය වාර්තා කළේ ඉදිරි වසර පහ සදහා ඇමරිකානු ඩොලර් බිලියන 8.69 ක අතිරේක මුදලක් ආරක්ෂාව සදහා වැය කිරීමට තායිවානය තීරණය කර ඇති බවයි.
චීනය විසින් ආරක්ෂක වියදම් ඉහළ නංවමින් තායිවානයට එරෙහිව විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටියි.
මෙම පසුබිම තුළ තායිවානයද ඊට මුහුණදීම සදහා මෙළෙස ආරක්ෂක වියදම් වැඩි කර ඇති බව ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මෙම මුදල තායිවාන ගුවන් සහ මුහුදු කලාපවල ආරක්ෂාව ඉහළ නැංවීමට භාවිතා කිරීමට නියමිත බව එරට වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.